Tuesday, September 19, 2017

මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍ය සහ ජීවන දෘෂ්ටිය
‘‘1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා වියේදීම කලාවට යොමු වූ සේකර වෘත්තීය ජීවිතය ඇරඹුයේ ගුරුවරයෙකු වශයෙනි. ගුරු පුහුණුවෙන් පසු ගුරු විද්‍යාල කථිකචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහගම සේකර ඉක්බිති රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ සේවයට බැඳුණි. පසුව ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ ගීත ප‍්‍රබන්ධ අමරදේවයන්ගේ ගායනයෙන් රසිකයන් වෙත පැමිණියේය. ගීත රචක සේකරත් ගායක අමරදේවත් එකතු වී දේශීය සංගීත පෝෂණයට පෙරමුණ ගත්තේ ‘මධුවන්ති’ නම් ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. රජයේ කලායතනයෙහි අධිපති ධුරයට පත් ඔහු ලියූ ‘තුං මං හන්දිය’ නව ආරේ නවකතාවකි. එය සිනමා සිත්තමකට ද නගිණි. සිංහල කවිය පිළිබඳ විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් කළ සේකර සක්වාලිහිණි කාව්‍යයෙන් නව ගී මගක් හෙළි කිරීමට ගත් වෑයම විචාරක පැසසුමට භාජනය විණි. හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප‍්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප‍්‍රබුද්ධ යන කාව්‍ය සංග‍්‍රහ මගින් හෙළි කළ කාව්‍ය ප‍්‍රතිභාව බොහෝ තරුණ කවීන්ට ගුරුපදේශ බඳු විය. ලන්ඩන් බී. ඒ. ගෞරව උපාධිය දිනාගත් සේකර පසුව පී. එච්. ඞී. උපාධි නිබන්ධය ද සකස් කළේ සිංහල රිද්ම රටා පිළිබඳවය. ගීත ප‍්‍රබන්ධකයෙකු, කවියෙකු, 

Wednesday, September 13, 2017

ප්‍රේමවන්ත කුමාරයෝ 
Directed by Priyankara Rathnayake 
A Play by William Shakespeare"s A Midsummer Night"s Dream
Like us - Drama and Theater Unit - university of kelaniya
September 16 - 3.30/6.30 P.m @ Rasanga Hall -Ja Ela
Watch a Video about this Play - https://goo.gl/MmJEXn
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | 
http://academicplayers.blogspot.com
sajitha anthony

Saturday, September 2, 2017

ගෲෂාගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් - රුවිනි මනම්පේරි
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Subscribe | https://goo.gl/MmJEXn

වසර 12 ක් තිස්සේ හුණුවටයේ කතාවේ ගෲෂෘගේ චරිතයට ජීවය දෙමින් ඈ ආ මාවත අධිෂ්ඨානයේත් කැපවීමේත් අග්‍රඵලයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. එපමණටම ඇය නාට්‍ය හා රංග කලාවට රංගනයට පෙම් බඳින්නීය. ස්වකීය කුලුඳුල් වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 11 කට හිමිකම් කියන්නට ඇයට හැකි විය. රුවිනි මනම්පේරි නම් වූ ඇය අද දවසේ අපේ සංවාදයේ කතා නායිකාව වන්නීය. ශ්‍රී ලංකා නාට්‍ය අනු මණ්ඩලයේ හිටපු ලේකම්වරියක ද වූ ඇය සමඟින් මේ සංලාපය අද්‍යතන නාට්‍ය කලාවේ වෙසෙස් ලකුණු පිළිබඳව
සෙල වෙනකොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ
දෙවියො බලයි මූණ නුඹේ
නුඹව රකියි - යමන් පුතේ...'

Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn