Tuesday, July 30, 2019

Kolam Drama



තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න.
Click here -
https://goo.gl/MmJEXn






Monday, July 29, 2019

ඊඩිපස් රජ වේදිකා නාට්‍ය | King Oedipus | University of Kelaniya





ඊඩිපස් රජ වේදිකා නාට්‍ය 

මෙම නිර්මාණය පිළිබද සවිස්තරාත්මක තොරතුරු මෙතනින් ලබා ගන්න -
Articles & Videos -
http://uclaut.net/7JS
Research Papers and videos -
http://tonancos.com/WmX

Wednesday, January 2, 2019

යෞවන සම්මාන චිත්‍රපට උළෙල 2018
හොදම නළුවා සහ හොදම නිළිය කැළණියෙන්.
කැළණි සරසවියෙන් සුබ පැතුම් !
Ishara Pramuditha Wickramasinghe &
Chandima Karunadasa
Youth Film Festival 2018
Best Actor and Best actress won by University of kelaniya

youth film festival 2018
ishara pramuditha and chandima karunadasa

 

ishara pramuditha



chandima karunadasa

Wednesday, August 22, 2018

The Lover Stage Drama
2018 ජාතික යෞවන සම්මාන උළෙලේ අවසන් වටයට
Like us | Drama and Theater Unit - university of kelaniya
Direction | Thilini Ruwandhika
Music | Sajitha Anuththara Anthony

■ FOLLOW UNIVERSITY OF KELANIYA STAGE DRAMA ■

Youtube | https://goo.gl/MmJEXn
Facebook | https://www.facebook.com/kelaniyadrama
the lover

Wednesday, July 25, 2018

ළඟදීම යෞවන සම්මාන නාට්‍ය උළෙලෙන්

Image result for the lover stage drama
the lover sri lanka


Tuesday, June 26, 2018

ප්‍රේමයේ සුන්දර බව
මා නොදනිමි
එහෙත් එහි ක‍ටුක බව
මා
විදිමි..
හිතකට පාටක් නැහැ
එත් හැගීම් වලට පාට තියෙනවා
පාට පාට හැගීම් ලස්සන උනාට
හැගීමෙ පාටට මට ජීවත් වෙන්න බැහැ
මරණයේ වේදනාව මම දන්නේ නැහැ
එත් ආදරේ තරම් වේදනාවක් නැතුව ඇති
වේදනාවේ පාට මගෙන් අහන්න එපා
තාමත් මම ගලපනවා ඒ පාට
හිතකට දෙන්න පුළුවන් දරුණුම දඩුවම
ආදරයක් ඉදිරියේ ගල් කුලක් වෙන එක
අසාවෙන් මිරිකෙද්දී විරාගී වෙන එක
එත් මගෙන් අහන්නෙපා ඒකේ පාට
බෙල්ල මිරිකලා මරන්න මාව
ඒත් අහන්නෙපා ඒ කාලකන්ණි පාට..
මට බයයි, ගොඩක් බයයි, ආදරේ තරම්ම
හිතේ වද්දගන්නවත් එපා ඒ මුසල පාට
දැන් යන්න ,ජීවිතේ හොයාගන්න
පාටට පාටක් වෙලා මුහු නොවිච්ච මාව අතෑරලා
හැරෙන්න එපා,මගේ ඇස් දකින්නත් එපා,
මට ලංවෙන්න එපා,වචන වලින් සෙනෙහසත් එපා
මගේ අනාගතේ පාට හිමි මගේ මනමාලයට
කිව යුත්ත කිව මම ඔයාගෙන් ඇස් හංගගෙන
දුක් වෙන්නෙපා ,මට වෛර කරන්න
ඔයාගේ නමට මගේ ඇස් පුරා දිලිහෙන
ආදරේ පාට කවදාවත් නොදැකම
දුරක යන්න... ගොඩාක් දුරක යන්න....
niyangala premaya
chandima karunadasa - saman malalasekara
නියඟලා ප්‍රේමය Niyangala Premaya

Wednesday, January 31, 2018

The Lover Stage Drama
රාජ්‍ය නාට්‍ය උළෙල 2018
Like us | Drama and Theater Unit - university of kelaniya
Direction | Thilini Ruwandhika
Music | Sajitha Anuththara Anthony
Choreography & Costume Design | Mahesh Umagiliya
Light Design | Lenin Liyanage & Dilan Edrisinghe
Makeup | Lakshika Sankalpa
Production Manager | Lenin Liyanage
Production Design | Tharindu Ganganath
Sound Board | Ashan Udupildeniya
Cast | Yasantha Buddhika Sithkawi Thilini Ruwandika Lakshika Sankalpa.
**STAY WITH US**
Youtube | https://goo.gl/MmJEXn
Subscribe & Watch Our Youtube Videos
https://goo.gl/MmJEXn
Facebook | www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
A Play by Harold Pinter - THE LOVER

the lover by harold pinter

Monday, January 22, 2018

ගිරිෂ් කර්නාඩගේ " නාග මණ්ඩල " නාට්‍යයේ සිංහල පරිවර්තනය, නාට්‍ය හා රංගකලා අවසන් වසර නිශ්පාදනය ලෙසින් කැලණිය විශ්ව විද්‍යාලීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී "චිත්ත සර්ප" ලෙසින්...
අධ්‍යක්ෂණය- සජිත අනුත්තර ඇන්තනී
අශාන් උඩුපිල්දෙනිය
Like us Drama and Theater Unit - university of kelaniya
Youtube | https://goo.gl/MmJEXn
Subscribe & Watch Our Youtube Videos
https://goo.gl/MmJEXn
Facebook | www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com

Image may contain: 2 people
chiththa sarpa




ඡායාරූපකරණය :
තිවංක ජයවික්‍රම
සචින්ත මදුනායක
සුමුදු සම්පත්
නුවන් ඒකනායක

Tuesday, October 3, 2017

කැලණි සරසවි නාට්‍ය උළෙල 2017
ඔබ සැමට ආරාධනා 
වැඩි විස්තර 👉 Drama and Theater Unit - university of kelaniya
Stay with us 👇👇👇
Academic Players Present
Watch & Subscribe Youtube Videos - https://goo.gl/MmJEXn
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com


Image may contain: 1 person, text

Tuesday, September 19, 2017

මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍ය සහ ජීවන දෘෂ්ටිය
‘‘1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා වියේදීම කලාවට යොමු වූ සේකර වෘත්තීය ජීවිතය ඇරඹුයේ ගුරුවරයෙකු වශයෙනි. ගුරු පුහුණුවෙන් පසු ගුරු විද්‍යාල කථිකචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහගම සේකර ඉක්බිති රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ සේවයට බැඳුණි. පසුව ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ ගීත ප‍්‍රබන්ධ අමරදේවයන්ගේ ගායනයෙන් රසිකයන් වෙත පැමිණියේය. ගීත රචක සේකරත් ගායක අමරදේවත් එකතු වී දේශීය සංගීත පෝෂණයට පෙරමුණ ගත්තේ ‘මධුවන්ති’ නම් ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. රජයේ කලායතනයෙහි අධිපති ධුරයට පත් ඔහු ලියූ ‘තුං මං හන්දිය’ නව ආරේ නවකතාවකි. එය සිනමා සිත්තමකට ද නගිණි. සිංහල කවිය පිළිබඳ විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් කළ සේකර සක්වාලිහිණි කාව්‍යයෙන් නව ගී මගක් හෙළි කිරීමට ගත් වෑයම විචාරක පැසසුමට භාජනය විණි. හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප‍්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප‍්‍රබුද්ධ යන කාව්‍ය සංග‍්‍රහ මගින් හෙළි කළ කාව්‍ය ප‍්‍රතිභාව බොහෝ තරුණ කවීන්ට ගුරුපදේශ බඳු විය. ලන්ඩන් බී. ඒ. ගෞරව උපාධිය දිනාගත් සේකර පසුව පී. එච්. ඞී. උපාධි නිබන්ධය ද සකස් කළේ සිංහල රිද්ම රටා පිළිබඳවය. ගීත ප‍්‍රබන්ධකයෙකු, කවියෙකු, 

Wednesday, September 13, 2017

ප්‍රේමවන්ත කුමාරයෝ 
Directed by Priyankara Rathnayake 
A Play by William Shakespeare"s A Midsummer Night"s Dream
Like us - Drama and Theater Unit - university of kelaniya
September 16 - 3.30/6.30 P.m @ Rasanga Hall -Ja Ela
Watch a Video about this Play - https://goo.gl/MmJEXn
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | 
http://academicplayers.blogspot.com
sajitha anthony

Saturday, September 2, 2017

ගෲෂාගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් - රුවිනි මනම්පේරි
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Subscribe | https://goo.gl/MmJEXn

වසර 12 ක් තිස්සේ හුණුවටයේ කතාවේ ගෲෂෘගේ චරිතයට ජීවය දෙමින් ඈ ආ මාවත අධිෂ්ඨානයේත් කැපවීමේත් අග්‍රඵලයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. එපමණටම ඇය නාට්‍ය හා රංග කලාවට රංගනයට පෙම් බඳින්නීය. ස්වකීය කුලුඳුල් වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 11 කට හිමිකම් කියන්නට ඇයට හැකි විය. රුවිනි මනම්පේරි නම් වූ ඇය අද දවසේ අපේ සංවාදයේ කතා නායිකාව වන්නීය. ශ්‍රී ලංකා නාට්‍ය අනු මණ්ඩලයේ හිටපු ලේකම්වරියක ද වූ ඇය සමඟින් මේ සංලාපය අද්‍යතන නාට්‍ය කලාවේ වෙසෙස් ලකුණු පිළිබඳව
සෙල වෙනකොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මඟක් නැතේ
මේ මඟ මිස යමන් පුතේ
දෙවියො බලයි මූණ නුඹේ
නුඹව රකියි - යමන් පුතේ...'

Thursday, August 24, 2017

මෙය නිර්මාණකරුවාගේ ප්‍රශ්නයක් නෙවෙයි, පරිපාලනයේ ප්‍රශ්නයක්

වේදිකා නාට්‍ය කලාව, සිනමාව මෙන් ම ශාස්ත්‍රීය අධ්‍යයනය යන විෂය ත්‍රිත්වයේ ම නිපුණත්වය පළ කරන තුරුණු කලාකරුවකු වන තුමිඳු දොඩන්තැන්න වසර 1999 යෞවන නාට්‍යය උලෙළේදී හොඳ ම නාට්‍යය,හොඳ ම රචනය, හොඳ ම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන දොළහක් සහ රාජ්‍ය නාට්‍ය උලෙළේ දී සම්මාන හතරකුත් සිය 'අරුන්දතී' නාට්‍යය වෙනුවෙන් හිමිකර ගන්නේ ය. එමෙන් ම වසර 2008 දී 'සඳ ගිනි අරන්' නාට්‍යය සඳහා යෞවන සම්මාන සහ රාජ්‍ය සම්මාන හිමි කරගන්නා ඔහු වසර 2012 දී 'ඇන්ටිගනි' නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් හොඳ ම සහය නළුවාට හිමි රාජ්‍ය සම්මානය හිමි කර ගන්නේ ය. තව ද සංඛාරා, මාතා, නිකිනි වැස්ස වැනි චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය සැපයූ තුමිඳු දොඩන්තැන්න මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රාසංගික කලා කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන්නේ ය. මෙවර තුරුණු මඬල සංලාපය තුමිඳු දොඩන්තැන්න නම් නාට්‍යවේදියා සමඟ ය.

Friday, August 18, 2017

නාට්‍යය ද කාව්‍ය විශේෂයක් ලෙස පැරැන්නෝ සැලකූහ.
ඔවුනට අනුව කාව්‍ය දෙවර්ගයකි. ඒ ශ්‍රැත කාව්‍ය හා දෘශ්‍ය කාව්‍ය වශයෙනි. නැරඹීමෙන් නැතහොත් බැලීමෙන් රස විඳීමෙන් දෘශ්‍ය කාව්‍ය, අද නාට්‍ය ලෙස වෙනම කලාවක් වශයෙන් දියුණුවට පත්ව තිබේ.
ග්‍රීක, යුරෝපීය පෙරදිග නාට්‍ය සම්ප්‍රදායන් අතුරින් බොහෝමයක බලපෑම අප රටටද දායද වී බොහෝ කල්ය. ලංකා විශ්ව විද්‍යාලය තුළින් ඇරැඹි ක්‍රමවත් නාට්‍ය කලාව අද ‘බ්ලැක් බොක්ස්’


Wednesday, August 16, 2017

The 13th Raigam Telees Award Ceremony which was held recently ended recognizing many new talents in television. Accordingly, the Best Upcoming Actor award was won by Sajitha Anuththara Anthony (Bohimiyanuwa– Swarnavahini). He is a Drama & Theater and Image Arts (Special) Degree student of the Department of Fine Arts, the University of Kelaniya. Sajitha Anuththara is the youngest son of Jackson Anthony who is a Director, singer, an award-winning actor in Sri Lankan cinema and Kumari Munasinghe who is also a singer.
Sajitha Anuththara has played the role of the hunter’s son in “Sooriya Arana” and played the title role in his father’s big-budget film ‘Aba’. He also plays the roles of stage dramas of award winning Priyankara Ratnayake’s “Premawantha Kumarayo” and Akhila Sapumal’s “Girikuta Kashyapa”.
2017 07 20 ent 139

Tuesday, August 15, 2017

ග්‍රීක පාලකයා නාට්‍ය කලාවට හතුරු වීද? | Gamini Basnayake |
පුරුදු වෙමු
ෆේස්බුක් වැදගත් ලිපි කියවන්න.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like us 👉 Drama and Theater Unit - university of kelaniya
මෙතෙක් ග්‍රීක නාට්‍ය සම්බන්ධයෙන් පැවති මතවාදයක් වූයේ ග්‍රීකයේ නාට්‍ය කලාව වර්ධනය කිරීමෙහිලා ග්‍රීක පාලකයා උපකාර කළේ ය යන්නයි. මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ එකී මතයෙහි ඇති ව්‍යාජ ස්වරූපය පෙන්වා දීමට ය.
නාට්‍ය කලාව ලෝකයේ මුලින්ම ප්‍රභවය වන්නේ ග්‍රීක ශීෂ්ටාචාරයේ ය. ක්‍රි.පූ. 525 දී පමණ වන විට ග්‍රීක ශෝකාන්ත ඉතා උසස් මට්ටමකට පත් විය. විශේෂයෙන්ම ක්‍රි.පූ. පස්වන සියවසේ සිට ක්‍රි.පූ. හතරවන සියවස දක්වා කාලය තුළ ග්‍රීක ශෝකාන්තයේ ස්වර්ණමය යුගයයි. නාට්‍යවලට පමණක් නොව ග්‍රීක කලාව, සාහිත්‍යය, දර්ශනය, ගෘහනිර්මාණ ශිල්පය යනාදී බොහෝ ක්ෂේත්‍රයන්ට ප්‍රසිද්ධියක් ඉසිලූ ශිෂ්ටාචාරයකි, ග්‍රීසිය.
හැමෝටම කියවන්න SHARE කරමු.
ධනේෂ්වර සමාජ ක්‍රමය ග්‍රීක නාට්‍ය ජනතාවගෙන් ඈත් කළා.

ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කැලණිය විශ්වවිද්‍යාලයීය නාට්‍ය හා රංග කලා විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන 'අද වගේ දවසක ඇන්ටිගනී' සහ 'විසේකාරියෝ' නාට්‍ය ද්වය අද (21 දා) සහ හෙට (22 දා) කොළඹ ලයනල් වෙන්ට්‌ඩ් හිදී වේදිකාගත වේ. මෙම සංවාදය ඒ නිමිත්තෙනි.
ග්‍රීක යුගයේ එළිමහන් වේදිකාවක ළමුන්, ස්‌ත්‍රීන්, වහලුන් හා සාමාන්‍ය පුරවැසියන් ඉදිරියේ රඟදැක්‌වූ ග්‍රීක නාට්‍ය අද විශ්වවිද්‍යාලවලට නිර්දිෂ්ට වූ නාට්‍ය විශේෂයක්‌ බවට ලංකාව තුළ පත්වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට රසවිඳිය නොහැකි නාට්‍ය විශේෂයක්‌ බවට ග්‍රීක නාට්‍ය පවත්වන්නට හේතු සාධක මොනවාද?
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com



Tuesday, August 8, 2017

අද වගේ දවසක ඇන්ටිගනී
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
අද්‍යතන දේශපාලන නාට්‍ය කලාව තුළ ට පිවිසි තවත් වැදගත් නාට්‍යයක් ලෙස ප්‍රියංකර රත්නායකගේ ඇන්ටිගනී නාට්‍යය හැඳින්විය හැක. 'අද වගේ දවසක ඇන්ටිගනී' යන තේමා පාඨයෙන් යුතුව වේදිකාගත කරන ඇන්ටිගනී නාට්‍ය දේශපාලනික වශයෙන් විශේෂත්වයක් උසුලනුයේ අද්‍යතන සමාජ ආර්ථික දේශපාලන වටපිටාව හේතුවෙනි. මන්ද වර්තමානයේ අප ජීවත්වනුයේ දීර්ඝකාලීන යුද්ධයක් නිමාවු යුගයකය. මෙවැනි පශ්චාත් යුධ සමයක ජීවත් වන පොදු ජනයාට වඩාත් අදාළ වන්නා වූතු සදාතනික මිනිස් අරගලයන් පිළිබඳවත් ඇන්ටිගනී නාට්‍ය කථිකාවට බඳුන් කරයි. වත්මන් මිනිසා ට මුහුණ දීමට සිදුව ඇති අන්තරායදායක තත්වය මෙන්ම ඉදිරි ජීවිතය හැඩගසා ගැන්ම පිළිබඳව ඉතා අවිනිශ්චිත කාල වකවානුවක් තුළ ජිවත්වීමේදී මුහුණ පාන්නට සිදුවන සර්වකාලීන ප්‍රශ්න පිළිබඳව සමාජය තුළ කථීකාවක් ගොඩ නැගීමට ඇන්ටිගනී නාට්‍ය තුළින් ප්‍රියංකර රත්නායක උත්සහ දරනු පෙනේ.
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය ප්‍රබන්ධකරුවකු වූ සොෆොක්ලීස් ගේ ඇන්ටිගනී නාට්‍ය ගීක නාට්‍යයක් වුව ද එය අද්‍යතන ශ්‍රී ලංකාවට වලංගු වන්නේ එතුළ නිරූපිත සර්වකාලීන සමාජ යථාර්තය හේතුවෙනි. මෙතුළින් සාකච්ඡා වනුයේ පොදුවේ සමස්ථ ලෝකයාම මුහුණ පාන බරපතල ගැටළුකාරි තත්වයයි. සොෆොක්ලීස් විසින් මෙකී නාට්‍ය රචනා කරනුයේ ද ග්‍රීසියේ ද මෙම බරපතල අර්බුදකාරී තත්වය පතිර පැවතියා වූ හෙයිනි. බොහෝ විට ග්‍රීක යුගයේ භාවිතා කළ ඇඳුම් පැළඳුම්, ආයුධ, පාරිසරික සාධක වෙනස් වුව ද එකළ යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන් මෙන්ම ගොදුරු වූ ජනයාත් විඳි කම්කටොළු තත්වයන් වර්තමානයේ දේශපාලන නාට්‍යයක් තුළින් ඉස්මතු කර පෙන්වීම කාලෝචිත වන්නේය. මේ නාට්‍ය තුළින් කතා කරනුයේ ග්‍රීක පශ්චාත් යුධ සමය පිළිබඳව ය. මෙම නාට්‍ය අද්‍යතනය තුළ ලාංකේය ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ අප ද පසුවන්නේ එවන් තත්වයක නිසාවෙනි.
ප්‍රියංකර රත්නායක විසින් වත්මන් සමාජ දේශපාලන ස්වභාවය මැනවින් වටහාගෙන නිවැරදි මානයන් තුළින් සමාජයේ යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමට තැත් කරනු ලබයි. ඇන්ටිගනී නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් කථිකාවට බඳුන් වන දේශද්‍රෝහියා මෙන්ම දේශප්‍රේමියා වත්මන ලාංකේය සමාජය තුළ ද අර්ථය කුමක් වුව ද බහුලව භාවිතා කරයි. නමුත් සැබෑ දේශ‍ප්‍රේමියා හෝ දේශද්‍රෝහියා මනිනු ලබන සීමාව කොතැනද යන්න කිසිවෙකු නොදනී. කිසිඳු පුද්ගලයෙකුට දේශප්‍රේමියෙකුගේ දේශප්‍රේමීයත්වය මෙන්ම දේශද්‍රෝහියකුගේ දේශද්‍රෝහිත්වය මනිනු ලබන සීමාව මෙතැන යැයි අර්ථ ගැන්විය නොහැක. මන්ම මේ තත්වය සැබැවින් ම තීරණය කරනු ලබන්නේ අධිකාරි බලය හිමි රාජ්‍ය තන්ත්‍රය විසිනි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ මෙකී යථාර්තය පොදු ජන සංහතිය විසින් ග්‍රහණය කර නොගැනීමයි. දේශ ද්‍රෝහියා තුළ මෙන්ම දේශප්‍රේමියා තුළ ද දේහප්‍රේමීත්වය සැබැවින් ම අන්තර්ගත ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද තම ආත්මාර්ථකාමීත්වය වසා ගැනීම සඳහා සුලබව භාවිතා කරන මෙම පදය වර්තමානයේ වචනාර්ථයට පමණක් සීමා වී ඇති. දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් විවිධ අර්ථ නංවමින් විවිධ අවස්ථාවන්වලදී ඉදිරිපත් කළ ද වර්තමානය තුළ මෙම වචන දෙක ඉතා විශාල සංවාද මතු කරති. මොවුන් දෙකොට්ඨාශය අප විසින් අර්ථකථනය කරන ආකාරයට විශාල අර්බුදයක් බව මෙම නාට්‍ය තුළින් ප්‍රියංකර ගම්‍යමාන කරනු ලබයි. මෙම දේශපාලනික වටපිටාව කලාකරුවකු ලෙස ප්‍රියංකර රත්නායක තම නාට්‍යයට වස්තු විෂය කොට ගනුයේ එය මේ වකවානුවට වඩාත් උචිත බැවිනි.
ඇන්ටිගනී නාට්‍ය පිළිබඳව ප්‍රියංකර රත්නායක දරනුයේ මෙබඳු අදහසකි. ''ඇන්ටිගනී අපේ හෘද සාක්ෂියේ රංගයයි. තමාගේ හා අනෙකාගේ ගෞරවය උදෙසා අරගල කරන මිනිසාගේ රංගයයි. වරෙක අමිහිරි වූ තව වරෙක මිහිරි වූ ද මිනිස් සන්තානයේ හැසිරීම ගැඹුරින් ස්පර්ශ කරමින් බලයෙන් උමතු වීමේ ඛේදවාචකය අප ඉදිරියේ නිර්දය ලෙස හෙළි කරන ඇන්ටිගනී අප ඉදිරියේ ප්‍රඥාවේ පහන් එළි දහසක් දල්වයි. මේ රංගයේ මතුපිට සළුපිළි ඉවත ලා එහි සිටිනා මිනිසුන්ගේ සන්තානයට එබී බලන්න. ඔබට මියෙනතුරු හදාරා නිමකළ නොහැකි ජීවිතය පිළිබඳ වින්දනය ප්‍රඥා ගවේශණයට මං පෙත් සොයාගත හැකියි." (ප්‍රියංකර රත්නායක 2010.10.06 සම්මුඛ සාකච්ඡාව)
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
ඇන්ටිගනී කතා සාරංශය සැකෙවින් මෙසේ ය.
ඊිඩිපස් හා ජොකොස්ට්‍රාගේ පුතුන් වූ එට්යොක්ලීස් හා පොලිනීසස් යුද්ධ සටන් බිම තුළ මිය යන අතර එට්යොක්ලීස් දේශ ප්‍රේමියකු ලෙස සළකා සියලු ගරු පුද සහිතව වළලා දැමීමට රජු විසින් නියෝග කරන අතර පොලිනීසස් දේශ ද්‍රෝහියෙකු ලෙස සළකන අතර වළ දැමීම හෝ වැළපීම කිසිවකුට තහනම් කරන අතර ඔහුගේ මිනිය තියුණු නෙතැති මිනී කපුටන්ට ගොදුරු වන්නට ඉඩ හැරීමට අණ කරනු ලබයි. මෙම අණ නොපිළිපදින යමෙක් වෙතොත් එ් අයට ගල් පහර ගසා මරන්නට නියම කරන බව ඔහු තව දුරටත් දැනුම් දේ. වර්තමාන සමාජයේ ද සිදුවන්නේ මෙම දූෂිත ක්‍රියාපිළිවෙත ම ය. සෑම පුද්ගලයෙකුගේ ම ජීවත්වීමේ අයිතිය මරණින් මතු ජීවිතය පිළිබඳව අධිකාරි බලය සැමවිටම හිමිවන්නේ පාලක පැවැන්තියට ය. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසුන්ට කවර හෝ ඉරණමක් අත්කර දීමට මොවුන් පසුබට නොවේ. අද්‍යතන ලාංකේය සමාජය තුළ ස්ථාපිත වී ඇත්තේ ද මෙකී අත්තනෝමතික පාලන ක්‍රමයයි. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මත දේහද්‍රෝහියා තීරණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පසුගිය කාල වකවානුව තුළ යුද්ධයේ වීරයන් වූවන් විවිධ අවස්ථාවන් වල දේශද්‍රෝහීන් ලෙස සිරගෙවල් වල රඳවා තැබූ අතර පසුගිය කාල වකවානුව තුළ යුද්ධය තුළ දේශද්‍රෝහින් වූවන් ආණ්ඩු තුළ වීරයන් වී වැජඹෙනු දැකගත හැකි විය. නමුත් සත්‍ය වශයෙන් මොවුන් තුළ දේශප්‍රේමීයත්වයක් තිබේද යන්න ගැටළුවකි. මෙම වත්මන දේශපාලන තත්වය ඇන්ටිගනී නාට්‍ය තුළ ඉතා මැනවින් කථිකාවට බඳුන් කරන ප්‍රියංකර රත්නායක විසින් මෙම නාට්‍ය අද වගේ දවසක ඇන්ටිගනී යන පාඨයෙන් යුතුව සමාජගත කරනුයේ ඉතා අවස්ථානෝචිත ය. ඇන්ටිගනී තම සොයුරු පොලිනීසස් ගේ අවසන් කටයුතු කිරීමට රාජ අණ නොතකා උත්සහ තළ ද ඇගේ සොයුරිය වූ ඉසමේන් මේ සඳහා සහභාගි නොවනුයේ රාජ්‍ය තන්ත්‍රය විසින් ඔවුන් සතු තීරණ ගැනීමේ ශක්‍යතාව උදුරාගෙන ඇති බැවිනි.
ඉසමේන් - රාජ අණ බිඳ ලූවෙන්
කුමක් වේවිද දෙදෙනා හටද අප
සිතන්න මඳක් ඇන්ටිගනී
අප නම මෙළෙක් සිතැති ගැහැණු ය
පිරිමින් මැඬලන්නට නොහැකිය අපට
අපව පාලනය කරන ඔවුන් සවිමත්ය අපට වඩා
ඒ නිසා අප අවනත විය යුතුය - උනට
මෙවන් දෙයකට වැඩි දෙයකට
වුව ද අවනත විය යුතුමය
මළවුන් මට සමා වෙත්වා රජ අණ පිළිබදිනු මිස
කළ නොහැක අන් දෙයක් උමතු ක්‍රියා කළ
නොහැක මා හට
මෙවැනි ස්ත්‍රීන් අද සමාජය තුළ ද දැකිය හැකිය. තමන් පුරුෂයන් විසින් පාලනය කළ යුතු යැයි ද තමන් දුබලයෝ යැයි ද කුඩා කළ සිටම මොවුන්ගේ කොඳු නාරටිය තුළට එන්නත් කර ඇති හේතුවෙන් මේ මානසික මට්ටමින් ගැළවීමට හෝ උත්සාහ දැරීමට මොවුන් සමත් නොවේ. මෙම යථාර්ථය ඇන්ටිගනී තුළින් ද විශද කරනු ලබයි. ඇන්ටිගනී රාජ අණ නොතකා තම සහෝදරයා වළ දැමීමට උත්සාහ කළ ද ඇය අවසානයේ මුරකරුවන්ට හසු වේ. ස්වභාවික නීතිය හා රාජ්‍ය නීතිය අතර පැන නගින්නා වූ ඝට්ටනය පිළිබඳව මෙතුළින් ප්‍රබල වශයෙන් සාකච්ඡා කරනු ලබන අතර අප ගරු කළ යුත්තේ ස්වභාවික නීතියට ද රජ්‍ය නීතියට ද යන්න මිනිසා සිතීමකට පෙළඹවීමට ඇන්ටිගනී නාට්‍ය තුළින් උත්සහ දරනු පෙනේ.
ඇන්ටිගනී - එය නියෝගයකි යුක්තියට පටහැනි
ඉහළ වැඩ වසන දෙවියනි
නොසලකති එය සරී යැයි
ඔබ නරයෙන් පමණි පුහුදුන්
ඔබ පනවන අණ සවිමත් නැත
නොලියවුණු නොකියැවුණු දේව නීතිය
ඉක්මවා යන්නට
කවදා කවුරු පැනවුයේ දැයි නොදත් මුත්
අදට හෙටට පමණක් නොව
සදාකාලයටම වලංගුය දේව නීතිය
කිසිම මිනිසෙකු නිසා මේ පොළොවෙහි
මට නොහැක නොපිළිපැද සිටින්නට දේව නීතිය
මෙසේ රාජ්‍ය නීතිය හා දේව නීතිය අතර පවත්නා ඝට්ටන මනා වියමනකින් යුතුව ගෙත්තම් කිරීමට මොවුන් සමත්වී ඇති. අද්‍යතන නාට්‍ය කලාව තුළ දේශපාලනික වශයෙන් මෙම නාට්‍ය සුවිශේෂි වනුයේ මේ නිසාවෙනි. තවද රාජ්‍ය පාලනය විසින් පොදු ජනයා සතු නිදහසේ කතා කිරීම ද වාරණය කොට ඇත. අප ජිවත්වන සමාජය තුළ ද දැකිය හැක්කේ මෙම තත්වයයි. ජනතාව ඉතා නිද්‍රාශීලිව ජිවත්වන අතර අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ ඔවුන් සතු ශක්‍යතාව වාරණය කොට ඇත.
ඇන්ටිගනී - මේ හැම කියනු ඇත ශක්‍යතාව වාරණය කොට ඇත
මේ වුණත් රාජ බිය උන්ගේ මුව උගුල්ලා ඇත
නිදහසේ කතා කරන්නට ක්‍රියා කරන්නට
උන් බිය ය. රජු හාට ඇති බිය නිසා
තවද මිනිසුන් විසින් තමා සතු තීරණ ගැනීමේ හැකියාව තවකෙකුට පවරා දෙනු ලැබෙනුයේ පොදු සමාජ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන්නේ යැයි බලාපොරොත්තු සහගතව ය. නමුත් කුමන හෝ සමාජයක වේවා අවසානයේ සිදුවන්නේ පොදු ජනතා කැමැත්තෙන් බලය පවරා දෙනු ලබන පුද්ගලයා තම සුබ සිද්ධිය තකා සාමාන්‍ය ජනතාව තම අතකොළු ලෙස භාවිතා කිරීමයි. ඇන්ටිගනී නාට්‍ය තුළ ද මෙකි තත්වය මැනවින් ප්‍රතිනිර්මාණය කොට ඇත.
ක්‍රෙයෝන් - එසේනම් නුම කියන්නේ මේ ගැහැණිය කළ ක්‍රියාව
අපකිර්තිමත් නොවේය කියලද ?
හීමන් - තීබස් රටේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ
ක්‍රෙයෝන් - උඹ හිතනවද මට තීබස් රටේ මිනිස්සුන්ගේ අදහස්වලට
යටවෙනවා කියලා. මම මේ රටේ රජ්ජුරුවො. මම නියෝග
ගන්නේ මගෙන් පමණයි. මා වගකියන්නේ මට පමණයි.
හීමන් - ඒ කියන්නේ මේක එක පුරවැසියෙකු පමණක් වසන
රාජ්‍යයක් ද? ඒක මහා අරුම පුදුම රාජ්‍යයක් ?
ක්‍රෙයෝන් - ඇයි ? කොයි කවර රටක් වුවත් අයිති එහි පාලකයාට
නොවේද ?


මෙසේ පාත්‍ර වර්ගයාගේ මුවට නංවන දෙබස් තුළින් මූර්තිමත් වනුයේ ඈත අතීත ග්‍රීක යුගයේ පටන් මෙම සමාජ සත්ථාව ක්‍රියාත්මක වන බවයි. වර්තමාන ලංකාවේ සමාජය පිරික්සා බැලූවිට පෙනී යන්නේ ද පාලන පැලැන්තිය මෙරට පුද්ගලික සුඛ විහරණය සඳහා සියලු සම්පත් භාවිතා කරන බවයි. එබැවින් ග්‍රීක යුගයට පමණක් නොව වර්තමානය තුළ ද ඇන්ටිගනී නාට්‍ය සමාජගත කිරීමට අසීරු නොවනුයේ ඒ තුළ කථිකාවට බඳුන් කරවන දේශපාලනික දෘෂ්ටියේ ශක්තිමත් බව නිසා ය.
තම සොයුරු පොලිනීසස් ගේ මළ සිරුර වළ දැමීමට තැත් කිරීම හේතුකොටගෙන සිරගත කරන ලද ඇන්ටිගනී ගෙල වැළලාගෙන මිය යන අතර එම දුකින් ක්‍රෙයෝන් ගේ පුත් හීමන් ද තම දිවි තොර කර ගන්නා අතර තම පුතුගේ වියෝන දරාගත නොහී හීමන්ගේ මව වන යුරීඩිස් ද තම දිවි තොර කර ගනී. අවසානයේ ඉතිරිවන්නේ මිනී තුන වටකරගත් රජු වන ක්‍රෙයෝන් ය.
කතා විකාශනයට උර දෙන අයුරින් නාට්‍යමය අවස්ථා යොදා ගැනීමෙහි ලා ඇන්ටිගනී නාටය ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගනී. ඇන්ටිගනී නාට්‍ය තුළින් සොෆොක්ලීස් ලෝකවාදය පිළිබඳව ප්‍රබල යමක් අප ඉදිරියේ ගෙනහැර දක්වයි. ඇන්ටිගනීගේ ක්‍රියා කලාපය සාධාරණ යැයි කිසියම් සහෘද පිරිසක් හඬ නගනු ඇති අතර ක්‍රෙයෝන්ගේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කරන පිරිසක් ද නැතුවා නොවේ. ලෝක ස්වභාවය ගැඹුරින් ම ස්පර්ශ කරන විවාදයට තුඩු දෙන කිසියම් ප්‍රබල මනුෂ්‍ය ආස්ථානයක් සාකච්ඡා කරන ඕනෑම කලා කෘතියක ස්වභාවය මෙය වේ. නොසිඳෙන දිය උල්පතකින් බුබුළු දමමින් නගින දිය ගොබයක් සේ විවිධ දේශපාලනික සමාජ අරුත් විවිධ පැති මෙමගින් ගැඹුරු කථිකාවන්ට බඳුන් කරනු ලබයි.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
එබැවින් 'අද වගේ දවසක ඇන්ටිගනී' යනුවෙන් ප්‍රියංකර රත්නායක විසින් කරළිගත කළ මෙම නාට්‍යය අද්‍යතන නාට්‍ය කලාව තුළ සුවිශේෂි වන්නේ එහි අන්තර්ගත සමාජ දේශපාලන ප්‍රස්තූතයන් හේතුකොට ගෙන ය. පෙළ තුළින් මත් කරන්නා වූ ගැඹුරු මානුෂීය ඝට්ටන නිසා වර්තමානය තුළ වඩාත් උචිත වූත් බුද්ධි කලම්බනය කළ හැකි වූත් හෙයින් වත්මන් දේශපාලන නාට්‍ය කලාව තුළ ඇන්ටිගනී කතා බහට ලක් කළ හැකි ස්ථානයක කඳවුරු බැඳගෙන සිටී. ප්‍රියංකර රත්නායක විසින් ඇන්ටිගනී නව්‍ය ආකාරයකට රංගගත කිරීමට උත්සහ දරන අතර අලංකාර රංග විධික්‍රම භාවිතා කරනු දක්නට ලැබෙයි. ප්‍රෙක්ෂක ආකර්ශණය ලබා ගැනීම සඳහා භාවිතා කරන රංග වින්‍යාස මගින් ප්‍රේක්ෂකයා ඇතැම් විට වෙහෙසට පත් කරවන අතර පෙළ ද ඇතැම් අවස්ථාවල යටපත් වී රංග වින්‍යාස ඉස්මතු වීම තුළ නාට්‍ය තුළ කථිකාවට බඳුන් කෙරෙන මානුෂීය මට්ටම් යම් ආකාරයකින් යටපත් වනු පෙනේ. සමස්ථයක් වශයෙන් ගත් කළ ගැඹුරු ඝට්ටන උදෙසා මිනිසා විශාල වශයෙන් සිතීමකට පොළඹවන ලද මෙම නාට්‍ය අද්‍යතන දේශපාලන නාට්‍ය කලාව තුළ අවධානයෙන් නැරඹිය යුතු ඉතා වටිනා නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
සදොස් තැන් ඇතොත් Comment එකක් මගින් නිදොස් කරන්න
- හසනි හර්ෂිකා -




Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn