Tuesday, August 15, 2017

ග්‍රීක පාලකයා නාට්‍ය කලාවට හතුරු වීද? | Gamini Basnayake |
පුරුදු වෙමු
ෆේස්බුක් වැදගත් ලිපි කියවන්න.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like us 👉 Drama and Theater Unit - university of kelaniya
මෙතෙක් ග්‍රීක නාට්‍ය සම්බන්ධයෙන් පැවති මතවාදයක් වූයේ ග්‍රීකයේ නාට්‍ය කලාව වර්ධනය කිරීමෙහිලා ග්‍රීක පාලකයා උපකාර කළේ ය යන්නයි. මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ එකී මතයෙහි ඇති ව්‍යාජ ස්වරූපය පෙන්වා දීමට ය.
නාට්‍ය කලාව ලෝකයේ මුලින්ම ප්‍රභවය වන්නේ ග්‍රීක ශීෂ්ටාචාරයේ ය. ක්‍රි.පූ. 525 දී පමණ වන විට ග්‍රීක ශෝකාන්ත ඉතා උසස් මට්ටමකට පත් විය. විශේෂයෙන්ම ක්‍රි.පූ. පස්වන සියවසේ සිට ක්‍රි.පූ. හතරවන සියවස දක්වා කාලය තුළ ග්‍රීක ශෝකාන්තයේ ස්වර්ණමය යුගයයි. නාට්‍යවලට පමණක් නොව ග්‍රීක කලාව, සාහිත්‍යය, දර්ශනය, ගෘහනිර්මාණ ශිල්පය යනාදී බොහෝ ක්ෂේත්‍රයන්ට ප්‍රසිද්ධියක් ඉසිලූ ශිෂ්ටාචාරයකි, ග්‍රීසිය.
හැමෝටම කියවන්න SHARE කරමු.
ධනේෂ්වර සමාජ ක්‍රමය ග්‍රීක නාට්‍ය ජනතාවගෙන් ඈත් කළා.
ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කැලණිය විශ්වවිද්‍යාලයීය නාට්‍ය හා රංග කලා විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන 'අද වගේ දවසක ඇන්ටිගනී' සහ 'විසේකාරියෝ' නාට්‍ය ද්වය අද (21 දා) සහ හෙට (22 දා) කොළඹ ලයනල් වෙන්ට්‌ඩ් හිදී වේදිකාගත වේ. මෙම සංවාදය ඒ නිමිත්තෙනි.
ග්‍රීක යුගයේ එළිමහන් වේදිකාවක ළමුන්, ස්‌ත්‍රීන්, වහලුන් හා සාමාන්‍ය පුරවැසියන් ඉදිරියේ රඟදැක්‌වූ ග්‍රීක නාට්‍ය අද විශ්වවිද්‍යාලවලට නිර්දිෂ්ට වූ නාට්‍ය විශේෂයක්‌ බවට ලංකාව තුළ පත්වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට රසවිඳිය නොහැකි නාට්‍ය විශේෂයක්‌ බවට ග්‍රීක නාට්‍ය පවත්වන්නට හේතු සාධක මොනවාද?
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com



Tuesday, August 8, 2017

අද වගේ දවසක ඇන්ටිගනී
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
අද්‍යතන දේශපාලන නාට්‍ය කලාව තුළ ට පිවිසි තවත් වැදගත් නාට්‍යයක් ලෙස ප්‍රියංකර රත්නායකගේ ඇන්ටිගනී නාට්‍යය හැඳින්විය හැක. 'අද වගේ දවසක ඇන්ටිගනී' යන තේමා පාඨයෙන් යුතුව වේදිකාගත කරන ඇන්ටිගනී නාට්‍ය දේශපාලනික වශයෙන් විශේෂත්වයක් උසුලනුයේ අද්‍යතන සමාජ ආර්ථික දේශපාලන වටපිටාව හේතුවෙනි. මන්ද වර්තමානයේ අප ජීවත්වනුයේ දීර්ඝකාලීන යුද්ධයක් නිමාවු යුගයකය. මෙවැනි පශ්චාත් යුධ සමයක ජීවත් වන පොදු ජනයාට වඩාත් අදාළ වන්නා වූතු සදාතනික මිනිස් අරගලයන් පිළිබඳවත් ඇන්ටිගනී නාට්‍ය කථිකාවට බඳුන් කරයි. වත්මන් මිනිසා ට මුහුණ දීමට සිදුව ඇති අන්තරායදායක තත්වය මෙන්ම ඉදිරි ජීවිතය හැඩගසා ගැන්ම පිළිබඳව ඉතා අවිනිශ්චිත කාල වකවානුවක් තුළ ජිවත්වීමේදී මුහුණ පාන්නට සිදුවන සර්වකාලීන ප්‍රශ්න පිළිබඳව සමාජය තුළ කථීකාවක් ගොඩ නැගීමට ඇන්ටිගනී නාට්‍ය තුළින් ප්‍රියංකර රත්නායක උත්සහ දරනු පෙනේ.
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය ප්‍රබන්ධකරුවකු වූ සොෆොක්ලීස් ගේ ඇන්ටිගනී නාට්‍ය ගීක නාට්‍යයක් වුව ද එය අද්‍යතන ශ්‍රී ලංකාවට වලංගු වන්නේ එතුළ නිරූපිත සර්වකාලීන සමාජ යථාර්තය හේතුවෙනි. මෙතුළින් සාකච්ඡා වනුයේ පොදුවේ සමස්ථ ලෝකයාම මුහුණ පාන බරපතල ගැටළුකාරි තත්වයයි. සොෆොක්ලීස් විසින් මෙකී නාට්‍ය රචනා කරනුයේ ද ග්‍රීසියේ ද මෙම බරපතල අර්බුදකාරී තත්වය පතිර පැවතියා වූ හෙයිනි. බොහෝ විට ග්‍රීක යුගයේ භාවිතා කළ ඇඳුම් පැළඳුම්, ආයුධ, පාරිසරික සාධක වෙනස් වුව ද එකළ යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන් මෙන්ම ගොදුරු වූ ජනයාත් විඳි කම්කටොළු තත්වයන් වර්තමානයේ දේශපාලන නාට්‍යයක් තුළින් ඉස්මතු කර පෙන්වීම කාලෝචිත වන්නේය. මේ නාට්‍ය තුළින් කතා කරනුයේ ග්‍රීක පශ්චාත් යුධ සමය පිළිබඳව ය. මෙම නාට්‍ය අද්‍යතනය තුළ ලාංකේය ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ අප ද පසුවන්නේ එවන් තත්වයක නිසාවෙනි.
ප්‍රියංකර රත්නායක විසින් වත්මන් සමාජ දේශපාලන ස්වභාවය මැනවින් වටහාගෙන නිවැරදි මානයන් තුළින් සමාජයේ යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමට තැත් කරනු ලබයි. ඇන්ටිගනී නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් කථිකාවට බඳුන් වන දේශද්‍රෝහියා මෙන්ම දේශප්‍රේමියා වත්මන ලාංකේය සමාජය තුළ ද අර්ථය කුමක් වුව ද බහුලව භාවිතා කරයි. නමුත් සැබෑ දේශ‍ප්‍රේමියා හෝ දේශද්‍රෝහියා මනිනු ලබන සීමාව කොතැනද යන්න කිසිවෙකු නොදනී. කිසිඳු පුද්ගලයෙකුට දේශප්‍රේමියෙකුගේ දේශප්‍රේමීයත්වය මෙන්ම දේශද්‍රෝහියකුගේ දේශද්‍රෝහිත්වය මනිනු ලබන සීමාව මෙතැන යැයි අර්ථ ගැන්විය නොහැක. මන්ම මේ තත්වය සැබැවින් ම තීරණය කරනු ලබන්නේ අධිකාරි බලය හිමි රාජ්‍ය තන්ත්‍රය විසිනි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ මෙකී යථාර්තය පොදු ජන සංහතිය විසින් ග්‍රහණය කර නොගැනීමයි. දේශ ද්‍රෝහියා තුළ මෙන්ම දේශප්‍රේමියා තුළ ද දේහප්‍රේමීත්වය සැබැවින් ම අන්තර්ගත ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. මන්ද තම ආත්මාර්ථකාමීත්වය වසා ගැනීම සඳහා සුලබව භාවිතා කරන මෙම පදය වර්තමානයේ වචනාර්ථයට පමණක් සීමා වී ඇති. දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් විවිධ අර්ථ නංවමින් විවිධ අවස්ථාවන්වලදී ඉදිරිපත් කළ ද වර්තමානය තුළ මෙම වචන දෙක ඉතා විශාල සංවාද මතු කරති. මොවුන් දෙකොට්ඨාශය අප විසින් අර්ථකථනය කරන ආකාරයට විශාල අර්බුදයක් බව මෙම නාට්‍ය තුළින් ප්‍රියංකර ගම්‍යමාන කරනු ලබයි. මෙම දේශපාලනික වටපිටාව කලාකරුවකු ලෙස ප්‍රියංකර රත්නායක තම නාට්‍යයට වස්තු විෂය කොට ගනුයේ එය මේ වකවානුවට වඩාත් උචිත බැවිනි.
ඇන්ටිගනී නාට්‍ය පිළිබඳව ප්‍රියංකර රත්නායක දරනුයේ මෙබඳු අදහසකි. ''ඇන්ටිගනී අපේ හෘද සාක්ෂියේ රංගයයි. තමාගේ හා අනෙකාගේ ගෞරවය උදෙසා අරගල කරන මිනිසාගේ රංගයයි. වරෙක අමිහිරි වූ තව වරෙක මිහිරි වූ ද මිනිස් සන්තානයේ හැසිරීම ගැඹුරින් ස්පර්ශ කරමින් බලයෙන් උමතු වීමේ ඛේදවාචකය අප ඉදිරියේ නිර්දය ලෙස හෙළි කරන ඇන්ටිගනී අප ඉදිරියේ ප්‍රඥාවේ පහන් එළි දහසක් දල්වයි. මේ රංගයේ මතුපිට සළුපිළි ඉවත ලා එහි සිටිනා මිනිසුන්ගේ සන්තානයට එබී බලන්න. ඔබට මියෙනතුරු හදාරා නිමකළ නොහැකි ජීවිතය පිළිබඳ වින්දනය ප්‍රඥා ගවේශණයට මං පෙත් සොයාගත හැකියි." (ප්‍රියංකර රත්නායක 2010.10.06 සම්මුඛ සාකච්ඡාව)
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
ඇන්ටිගනී කතා සාරංශය සැකෙවින් මෙසේ ය.
ඊිඩිපස් හා ජොකොස්ට්‍රාගේ පුතුන් වූ එට්යොක්ලීස් හා පොලිනීසස් යුද්ධ සටන් බිම තුළ මිය යන අතර එට්යොක්ලීස් දේශ ප්‍රේමියකු ලෙස සළකා සියලු ගරු පුද සහිතව වළලා දැමීමට රජු විසින් නියෝග කරන අතර පොලිනීසස් දේශ ද්‍රෝහියෙකු ලෙස සළකන අතර වළ දැමීම හෝ වැළපීම කිසිවකුට තහනම් කරන අතර ඔහුගේ මිනිය තියුණු නෙතැති මිනී කපුටන්ට ගොදුරු වන්නට ඉඩ හැරීමට අණ කරනු ලබයි. මෙම අණ නොපිළිපදින යමෙක් වෙතොත් එ් අයට ගල් පහර ගසා මරන්නට නියම කරන බව ඔහු තව දුරටත් දැනුම් දේ. වර්තමාන සමාජයේ ද සිදුවන්නේ මෙම දූෂිත ක්‍රියාපිළිවෙත ම ය. සෑම පුද්ගලයෙකුගේ ම ජීවත්වීමේ අයිතිය මරණින් මතු ජීවිතය පිළිබඳව අධිකාරි බලය සැමවිටම හිමිවන්නේ පාලක පැවැන්තියට ය. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසුන්ට කවර හෝ ඉරණමක් අත්කර දීමට මොවුන් පසුබට නොවේ. අද්‍යතන ලාංකේය සමාජය තුළ ස්ථාපිත වී ඇත්තේ ද මෙකී අත්තනෝමතික පාලන ක්‍රමයයි. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මත දේහද්‍රෝහියා තීරණය වී ඇති ආකාරය දැකිය හැකි ය. පසුගිය කාල වකවානුව තුළ යුද්ධයේ වීරයන් වූවන් විවිධ අවස්ථාවන් වල දේශද්‍රෝහීන් ලෙස සිරගෙවල් වල රඳවා තැබූ අතර පසුගිය කාල වකවානුව තුළ යුද්ධය තුළ දේශද්‍රෝහින් වූවන් ආණ්ඩු තුළ වීරයන් වී වැජඹෙනු දැකගත හැකි විය. නමුත් සත්‍ය වශයෙන් මොවුන් තුළ දේශප්‍රේමීයත්වයක් තිබේද යන්න ගැටළුවකි. මෙම වත්මන දේශපාලන තත්වය ඇන්ටිගනී නාට්‍ය තුළ ඉතා මැනවින් කථිකාවට බඳුන් කරන ප්‍රියංකර රත්නායක විසින් මෙම නාට්‍ය අද වගේ දවසක ඇන්ටිගනී යන පාඨයෙන් යුතුව සමාජගත කරනුයේ ඉතා අවස්ථානෝචිත ය. ඇන්ටිගනී තම සොයුරු පොලිනීසස් ගේ අවසන් කටයුතු කිරීමට රාජ අණ නොතකා උත්සහ තළ ද ඇගේ සොයුරිය වූ ඉසමේන් මේ සඳහා සහභාගි නොවනුයේ රාජ්‍ය තන්ත්‍රය විසින් ඔවුන් සතු තීරණ ගැනීමේ ශක්‍යතාව උදුරාගෙන ඇති බැවිනි.
ඉසමේන් - රාජ අණ බිඳ ලූවෙන්
කුමක් වේවිද දෙදෙනා හටද අප
සිතන්න මඳක් ඇන්ටිගනී
අප නම මෙළෙක් සිතැති ගැහැණු ය
පිරිමින් මැඬලන්නට නොහැකිය අපට
අපව පාලනය කරන ඔවුන් සවිමත්ය අපට වඩා
ඒ නිසා අප අවනත විය යුතුය - උනට
මෙවන් දෙයකට වැඩි දෙයකට
වුව ද අවනත විය යුතුමය
මළවුන් මට සමා වෙත්වා රජ අණ පිළිබදිනු මිස
කළ නොහැක අන් දෙයක් උමතු ක්‍රියා කළ
නොහැක මා හට
මෙවැනි ස්ත්‍රීන් අද සමාජය තුළ ද දැකිය හැකිය. තමන් පුරුෂයන් විසින් පාලනය කළ යුතු යැයි ද තමන් දුබලයෝ යැයි ද කුඩා කළ සිටම මොවුන්ගේ කොඳු නාරටිය තුළට එන්නත් කර ඇති හේතුවෙන් මේ මානසික මට්ටමින් ගැළවීමට හෝ උත්සාහ දැරීමට මොවුන් සමත් නොවේ. මෙම යථාර්ථය ඇන්ටිගනී තුළින් ද විශද කරනු ලබයි. ඇන්ටිගනී රාජ අණ නොතකා තම සහෝදරයා වළ දැමීමට උත්සාහ කළ ද ඇය අවසානයේ මුරකරුවන්ට හසු වේ. ස්වභාවික නීතිය හා රාජ්‍ය නීතිය අතර පැන නගින්නා වූ ඝට්ටනය පිළිබඳව මෙතුළින් ප්‍රබල වශයෙන් සාකච්ඡා කරනු ලබන අතර අප ගරු කළ යුත්තේ ස්වභාවික නීතියට ද රජ්‍ය නීතියට ද යන්න මිනිසා සිතීමකට පෙළඹවීමට ඇන්ටිගනී නාට්‍ය තුළින් උත්සහ දරනු පෙනේ.
ඇන්ටිගනී - එය නියෝගයකි යුක්තියට පටහැනි
ඉහළ වැඩ වසන දෙවියනි
නොසලකති එය සරී යැයි
ඔබ නරයෙන් පමණි පුහුදුන්
ඔබ පනවන අණ සවිමත් නැත
නොලියවුණු නොකියැවුණු දේව නීතිය
ඉක්මවා යන්නට
කවදා කවුරු පැනවුයේ දැයි නොදත් මුත්
අදට හෙටට පමණක් නොව
සදාකාලයටම වලංගුය දේව නීතිය
කිසිම මිනිසෙකු නිසා මේ පොළොවෙහි
මට නොහැක නොපිළිපැද සිටින්නට දේව නීතිය
මෙසේ රාජ්‍ය නීතිය හා දේව නීතිය අතර පවත්නා ඝට්ටන මනා වියමනකින් යුතුව ගෙත්තම් කිරීමට මොවුන් සමත්වී ඇති. අද්‍යතන නාට්‍ය කලාව තුළ දේශපාලනික වශයෙන් මෙම නාට්‍ය සුවිශේෂි වනුයේ මේ නිසාවෙනි. තවද රාජ්‍ය පාලනය විසින් පොදු ජනයා සතු නිදහසේ කතා කිරීම ද වාරණය කොට ඇත. අප ජිවත්වන සමාජය තුළ ද දැකිය හැක්කේ මෙම තත්වයයි. ජනතාව ඉතා නිද්‍රාශීලිව ජිවත්වන අතර අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ ඔවුන් සතු ශක්‍යතාව වාරණය කොට ඇත.
ඇන්ටිගනී - මේ හැම කියනු ඇත ශක්‍යතාව වාරණය කොට ඇත
මේ වුණත් රාජ බිය උන්ගේ මුව උගුල්ලා ඇත
නිදහසේ කතා කරන්නට ක්‍රියා කරන්නට
උන් බිය ය. රජු හාට ඇති බිය නිසා
තවද මිනිසුන් විසින් තමා සතු තීරණ ගැනීමේ හැකියාව තවකෙකුට පවරා දෙනු ලැබෙනුයේ පොදු සමාජ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන්නේ යැයි බලාපොරොත්තු සහගතව ය. නමුත් කුමන හෝ සමාජයක වේවා අවසානයේ සිදුවන්නේ පොදු ජනතා කැමැත්තෙන් බලය පවරා දෙනු ලබන පුද්ගලයා තම සුබ සිද්ධිය තකා සාමාන්‍ය ජනතාව තම අතකොළු ලෙස භාවිතා කිරීමයි. ඇන්ටිගනී නාට්‍ය තුළ ද මෙකි තත්වය මැනවින් ප්‍රතිනිර්මාණය කොට ඇත.
ක්‍රෙයෝන් - එසේනම් නුම කියන්නේ මේ ගැහැණිය කළ ක්‍රියාව
අපකිර්තිමත් නොවේය කියලද ?
හීමන් - තීබස් රටේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ
ක්‍රෙයෝන් - උඹ හිතනවද මට තීබස් රටේ මිනිස්සුන්ගේ අදහස්වලට
යටවෙනවා කියලා. මම මේ රටේ රජ්ජුරුවො. මම නියෝග
ගන්නේ මගෙන් පමණයි. මා වගකියන්නේ මට පමණයි.
හීමන් - ඒ කියන්නේ මේක එක පුරවැසියෙකු පමණක් වසන
රාජ්‍යයක් ද? ඒක මහා අරුම පුදුම රාජ්‍යයක් ?
ක්‍රෙයෝන් - ඇයි ? කොයි කවර රටක් වුවත් අයිති එහි පාලකයාට
නොවේද ?


මෙසේ පාත්‍ර වර්ගයාගේ මුවට නංවන දෙබස් තුළින් මූර්තිමත් වනුයේ ඈත අතීත ග්‍රීක යුගයේ පටන් මෙම සමාජ සත්ථාව ක්‍රියාත්මක වන බවයි. වර්තමාන ලංකාවේ සමාජය පිරික්සා බැලූවිට පෙනී යන්නේ ද පාලන පැලැන්තිය මෙරට පුද්ගලික සුඛ විහරණය සඳහා සියලු සම්පත් භාවිතා කරන බවයි. එබැවින් ග්‍රීක යුගයට පමණක් නොව වර්තමානය තුළ ද ඇන්ටිගනී නාට්‍ය සමාජගත කිරීමට අසීරු නොවනුයේ ඒ තුළ කථිකාවට බඳුන් කරවන දේශපාලනික දෘෂ්ටියේ ශක්තිමත් බව නිසා ය.
තම සොයුරු පොලිනීසස් ගේ මළ සිරුර වළ දැමීමට තැත් කිරීම හේතුකොටගෙන සිරගත කරන ලද ඇන්ටිගනී ගෙල වැළලාගෙන මිය යන අතර එම දුකින් ක්‍රෙයෝන් ගේ පුත් හීමන් ද තම දිවි තොර කර ගන්නා අතර තම පුතුගේ වියෝන දරාගත නොහී හීමන්ගේ මව වන යුරීඩිස් ද තම දිවි තොර කර ගනී. අවසානයේ ඉතිරිවන්නේ මිනී තුන වටකරගත් රජු වන ක්‍රෙයෝන් ය.
කතා විකාශනයට උර දෙන අයුරින් නාට්‍යමය අවස්ථා යොදා ගැනීමෙහි ලා ඇන්ටිගනී නාටය ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගනී. ඇන්ටිගනී නාට්‍ය තුළින් සොෆොක්ලීස් ලෝකවාදය පිළිබඳව ප්‍රබල යමක් අප ඉදිරියේ ගෙනහැර දක්වයි. ඇන්ටිගනීගේ ක්‍රියා කලාපය සාධාරණ යැයි කිසියම් සහෘද පිරිසක් හඬ නගනු ඇති අතර ක්‍රෙයෝන්ගේ ක්‍රියා කලාපය සාධාරණීකරණය කරන පිරිසක් ද නැතුවා නොවේ. ලෝක ස්වභාවය ගැඹුරින් ම ස්පර්ශ කරන විවාදයට තුඩු දෙන කිසියම් ප්‍රබල මනුෂ්‍ය ආස්ථානයක් සාකච්ඡා කරන ඕනෑම කලා කෘතියක ස්වභාවය මෙය වේ. නොසිඳෙන දිය උල්පතකින් බුබුළු දමමින් නගින දිය ගොබයක් සේ විවිධ දේශපාලනික සමාජ අරුත් විවිධ පැති මෙමගින් ගැඹුරු කථිකාවන්ට බඳුන් කරනු ලබයි.
හැමෝටම කියවන්න SHARE කරමු.
Like ✔️ Share ✔️ Comment Your ideas
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
එබැවින් 'අද වගේ දවසක ඇන්ටිගනී' යනුවෙන් ප්‍රියංකර රත්නායක විසින් කරළිගත කළ මෙම නාට්‍යය අද්‍යතන නාට්‍ය කලාව තුළ සුවිශේෂි වන්නේ එහි අන්තර්ගත සමාජ දේශපාලන ප්‍රස්තූතයන් හේතුකොට ගෙන ය. පෙළ තුළින් මත් කරන්නා වූ ගැඹුරු මානුෂීය ඝට්ටන නිසා වර්තමානය තුළ වඩාත් උචිත වූත් බුද්ධි කලම්බනය කළ හැකි වූත් හෙයින් වත්මන් දේශපාලන නාට්‍ය කලාව තුළ ඇන්ටිගනී කතා බහට ලක් කළ හැකි ස්ථානයක කඳවුරු බැඳගෙන සිටී. ප්‍රියංකර රත්නායක විසින් ඇන්ටිගනී නව්‍ය ආකාරයකට රංගගත කිරීමට උත්සහ දරන අතර අලංකාර රංග විධික්‍රම භාවිතා කරනු දක්නට ලැබෙයි. ප්‍රෙක්ෂක ආකර්ශණය ලබා ගැනීම සඳහා භාවිතා කරන රංග වින්‍යාස මගින් ප්‍රේක්ෂකයා ඇතැම් විට වෙහෙසට පත් කරවන අතර පෙළ ද ඇතැම් අවස්ථාවල යටපත් වී රංග වින්‍යාස ඉස්මතු වීම තුළ නාට්‍ය තුළ කථිකාවට බඳුන් කෙරෙන මානුෂීය මට්ටම් යම් ආකාරයකින් යටපත් වනු පෙනේ. සමස්ථයක් වශයෙන් ගත් කළ ගැඹුරු ඝට්ටන උදෙසා මිනිසා විශාල වශයෙන් සිතීමකට පොළඹවන ලද මෙම නාට්‍ය අද්‍යතන දේශපාලන නාට්‍ය කලාව තුළ අවධානයෙන් නැරඹිය යුතු ඉතා වටිනා නාට්‍යයක් ලෙස හැඳින්විය හැකිය.
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com
සදොස් තැන් ඇතොත් Comment එකක් මගින් නිදොස් කරන්න
- හසනි හර්ෂිකා -




Monday, July 3, 2017

කැලණිය විශ්ව විද්යාලයීය විද්යාර්ථීන්ගේ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිසයි.
දයානන්ද ගුනාවර්ධනයන්ගේ නරි බෑනා වේදිකා නාට්‍ය
වැඩි විස්තර මෙතනින් - Drama and Theater Unit - university of kelaniya
■■■ LIKE | COMMENT | SHARE ■■■
Subscribe on Youtube 
https://www.youtube.com/user/academip...
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
Blog | http://academicplayers.blogspot.com/
කැලණිය විශ්ව විද්යාලයීය ආදී විද්යාර්ථීන්ගේ සංසදයේ ඉදිරිපත් කිරිමක්.
Presented by Academic Players
Drama and Theatre and Image Arts and Film & Television Unit


The Lover
Direction | Thilini Ruwandhika
Translation | Lakshman Fernando 
Original Play by Harold Pinter

■■■ LIKE | COMMENT | SHARE ■■■
Subscribe on Youtube 
https://www.youtube.com/user/academip...
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
Blog | http://academicplayers.blogspot.com/

First Staged 2017.06.11 

Presented by Academic Players
Drama and Theatre and Image Arts and Film and Television Unit
University of Kelaniya
Sri Lanka

the lover by harold pinter



Wednesday, June 14, 2017

Ronald Roy Twelve angry men - Dholos Wiyaruwa - Sajitha Anthony Final Scene

Dholos Viyaruwa දොළොස් වියරුව 
Drama and Theatre Unit
Special 2nd year exam production. 
University of kelaniya
Translated by Saman Liyanage and Nadee Kammalweera 
Ronald Roy"s 12 angry men.




video




Sunday, September 4, 2016

silgath billo
Silgath billo



 Interrelations among different ethnic and cultural groups have been seriously damaged by war, racism, animosity, prejudice and ignorance - Liyanage Amarakeerthi 
Contact now for Stage Shows 0716317707/0783938019/0713152232
nayomi thakshila
chandima karunadasa
 උන්ගේ හිත්වල අපි ගැනත් අපේ හිත්වල උන් ගැනත් ජාතිවාදය වැපිරවූ බිල්ලන්ට ශාප වේවා.
Interrelations among different ethnic and cultural groups have been seriously damaged by war, racism, animosity, prejudice and ignorance. . The continuously widening gap between different groups cannot be bridged without sustained efforts at creating opportunities for understanding. Art is one such opportunity for people to reflect on their own prejudices and anxieties. Vijith Nuwan’s play, Silgath Billo, is an interesting play that makes an admirable effort to unearth some complexities behind recent ethnic tensions after the ending of the war. - Liyanage Amarakeerthi.