ප්‍රේමයේ සුන්දර බව
මා නොදනිමි
එහෙත් එහි කටුක බව
මා
විදිමි..
හිතකට පාටක් නැහැ
එත් හැගීම් වලට පාට තියෙනවා
පාට පාට හැගීම් ලස්සන උනාට
හැගීමෙ පාටට මට ජීවත් වෙන්න බැහැ
මරණයේ වේදනාව මම දන්නේ නැහැ
එත් ආදරේ තරම් වේදනාවක් නැතුව ඇති
වේදනාවේ පාට මගෙන් අහන්න එපා
තාමත් මම ගලපනවා ඒ පාට
හිතකට දෙන්න පුළුවන් දරුණුම දඩුවම
ආදරයක් ඉදිරියේ ගල් කුලක් වෙන එක
අසාවෙන් මිරිකෙද්දී විරාගී වෙන එක
එත් මගෙන් අහන්නෙපා ඒකේ පාට
බෙල්ල මිරිකලා මරන්න මාව
ඒත් අහන්නෙපා ඒ කාලකන්ණි පාට..
මට බයයි, ගොඩක් බයයි, ආදරේ තරම්ම
හිතේ වද්දගන්නවත් එපා ඒ මුසල පාට
දැන් යන්න ,ජීවිතේ හොයාගන්න
පාටට පාටක් වෙලා මුහු නොවිච්ච මාව අතෑරලා
හැරෙන්න එපා,මගේ ඇස් දකින්නත් එපා,
මට ලංවෙන්න එපා,වචන වලින් සෙනෙහසත් එපා
මගේ අනාගතේ පාට හිමි මගේ මනමාලයට
කිව යුත්ත කිව මම ඔයාගෙන් ඇස් හංගගෙන
දුක් වෙන්නෙපා ,මට වෛර කරන්න
ඔයාගේ නමට මගේ ඇස් පුරා දිලිහෙන
ආදරේ පාට කවදාවත් නොදැකම
දුරක යන්න... ගොඩාක් දුරක යන්න....
 |
niyangala premaya chandima karunadasa - saman malalasekara
|
නියඟලා ප්‍රේමය Niyangala Premaya