මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍ය සහ ජීවන දෘෂ්ටිය
‘‘1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා වියේදීම කලාවට යොමු වූ සේකර වෘත්තීය ජීවිතය ඇරඹුයේ ගුරුවරයෙකු වශයෙනි. ගුරු පුහුණුවෙන් පසු ගුරු විද්‍යාල කථිකචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහගම සේකර ඉක්බිති රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ සේවයට බැඳුණි. පසුව ගුවන් විදුලි සේවයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ ගීත ප‍්‍රබන්ධ අමරදේවයන්ගේ ගායනයෙන් රසිකයන් වෙත පැමිණියේය. ගීත රචක සේකරත් ගායක අමරදේවත් එකතු වී දේශීය සංගීත පෝෂණයට පෙරමුණ ගත්තේ ‘මධුවන්ති’ නම් ගුවන්විදුලි වැඩසටහන ඔස්සේය. රජයේ කලායතනයෙහි අධිපති ධුරයට පත් ඔහු ලියූ ‘තුං මං හන්දිය’ නව ආරේ නවකතාවකි. එය සිනමා සිත්තමකට ද නගිණි. සිංහල කවිය පිළිබඳ විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් කළ සේකර සක්වාලිහිණි කාව්‍යයෙන් නව ගී මගක් හෙළි කිරීමට ගත් වෑයම විචාරක පැසසුමට භාජනය විණි. හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප‍්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප‍්‍රබුද්ධ යන කාව්‍ය සංග‍්‍රහ මගින් හෙළි කළ කාව්‍ය ප‍්‍රතිභාව බොහෝ තරුණ කවීන්ට ගුරුපදේශ බඳු විය. ලන්ඩන් බී. ඒ. ගෞරව උපාධිය දිනාගත් සේකර පසුව පී. එච්. ඞී. උපාධි නිබන්ධය ද සකස් කළේ සිංහල රිද්ම රටා පිළිබඳවය. ගීත ප‍්‍රබන්ධකයෙකු, කවියෙකු,