Thursday, November 6, 2014

Blood Wedding  by Federico Garcia Lorca
Directions by John Dinesh Sandaruwan & Sudesha Lakmali
Now the Play as නියඟලා ප්‍රේමය for the Sri lankan Stage drama by Academic Players - University of Kelaniya

Niyagala premaya නියඟලා ප්‍රේමය niyangala premaya


garcia lorca blood wedding



A True Love Story in 2014
Call Now For Stage Shows - 
Dinesh - 0713644363
Tharindu - 0718479288

Blood Wedding යනු, ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවෙකු හා කවියෙකු වන Federico Garcia Lorkaගේ Bodas de Sangre නාට්‍යයයේ ඉංග්‍රීසි පරිවර්තනය යි. ගාර්ෂියා ලෝර්කා ලෙස ලංකාවේ ජනප්‍රිය මෙම නාට්‍යකරුවාගේ නාට්‍ය කිහිපයක්ම අනුවර්තන හා පරිවර්තන ලෙස ලාංකේය වේදිකාව පෝෂණය කොට ඇත.
ලෝර්කාගේ යෙර්මා (1934), 1959 දී මූදු පුත්තු ලෙස ගුණසේන ගලප්පත්ති අනුවර්තනය කොට නිෂ්පාදනය කළේය. එම නාට්‍යයම, 2002 දී යෙර්මා නමින්ම ලලිතා සරච්චන්ද්‍ර පරිවර්තනයක් ලෙස රංග ගත කළාය.
The House of Bernada Alba (1936), 1970 දී බර්නාඩාගේ සිපිරිගෙය නමින් රංජනී ඔබේසේකර පරිවර්තනය කොට රංග ගත කළාය.
Blood Wedding (1933), 1984 දී තුරඟා දැන් දැන් හඩතා නමින් හේමමාලි ගුණසිංහ නිෂ්පාදනය කළාය. එම නාට්‍යයම නැවත 2005දී සඳ ළඟ මරණය නමින් පරිවර්තනය කොට කෞෂල්‍යා ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන ලදී.
ලෝර්කාගේ නාට්‍ය බොහෝ විට ඛේදජනක නාට්‍ය ගණයට වැටෙන අතර, ඒ අතරින් Blood Wedding සඳහා පාදක වී ඇත්තේ සැබෑ ලෙස සිදු වූ මිනී මැරුමක් පිළිබඳ පුවතකි. ස්පාඤ්ඤයේ ප්‍රචලිත ජන ගායනා මෙන්ම ජන සංගීතය ද ලෝර්කාගේ ලේඛන ශෛලියට ඛෙහෙවින් බලපා තිබේ. ස්පාඤ්ඤයේ ජන ජීවිත සමග බැඳුණු වෛරය, ලේ වල පළිය ගැනීම, අසීමිත ප්‍රේමය, උත්සන්න රාගය, වියෝ දුක හා මරණය වැනි පොදු මනුෂ්‍ය ධර්මතා ලෝර්කා සිය නාට්‍ය වලදී ස්වභාවිකත්වය ඉක්මවූ භාවමය අධි තාත්වික රීතියකින් නිරූපණය කරයි. ඒ සඳහා තියුණු ධ්වනිථාර්ථවත් බසක් යොදා යත් ලෝර්කා, විවිධ සංකේතාත්මක චරිත මගින් එකිනෙකට පටහැනි භාවයන් එකවර උත්සන්න කොට, ඒ තුළින් අපූර්ව රසයක් ජනිත කොට, මිනිසා සිය පැවැත්ම උදෙසා මවා ගත් විවිධ සංකල්ප පිළිබඳ ගැඹුරින් සලකා බලන්නට ප්‍රේක්ෂකයා පොළඹවයි. මංගල්‍යයක උපරිම අවස්ථාවේ අවමංග්‍යය, අසීමිත ප්‍රේමය ළඟ අසීමිත වෛරය, දැවෙන රාගය අසල එය ඉක්මවන විරාගය, එක් වීම පිළිබිඹු කරන එහෙත් වේදනාකාරී මරණය ආදී Blood Weddingහී රඟ දැක්වෙන ඉරණම්, හුදු අහම්බයන් නොව මිනිස් ජීවිත තුළ නියතයන් බව ලෝර්කා පෙන්වයි.
ලෝර්කා සමලිංගිකයෙකි. එනිසාමදෝ ස්පාඤ්ඤ සමාජයේ ස්ත්‍රීන්ගේ ගතානුගතික ජීවිතයට වග කිව යුතු පුරුෂ මූලික සමාජය කෙරෙහි තියුණු උපහාසයක් එල්ල කරයි. ප්‍රේමය, රාගය, වෙරය, පළිගැනීම, ආගමික භක්තිය සහ ස්වාමි භක්තිය කෙරෙහි ස්ත්‍රිය දක්වන ආකල්පය මේ නාට්‍යයේ සියළු ස්ත්‍රී භූමිකා ඔස්සේ විශ්ව සාධාරණ අදහසක් සේ ඉදිරිපත් කරයි.
ගද්‍ය හා පද්‍ය මිශ්‍ර කාව්‍යමය බස් වහරක් යොදා ගැනීමෙන් ද ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී නාට්‍ය ශෛලීන් දෙකෙහි සංකලනය නිසාවෙන් ද එය අපූර්ව දෘශ්‍ය කාව්‍යයක් වී තිබේ. ලේ වල පළිය ගැනීමේ ඛේදවාචකය (Tragedy of Blood), ග්‍රීක මෙන්ම එළිසඛෙතනියානු නාට්‍ය වලද ජනප්‍රිය තේමාවක් විය. ඒ ඔස්සේ යමින් දෝ ලෝර්කා මෙහිදී පළිගැනීමේ කෙළවර, දෙපාර්ශවයේම විනාශය මිස අන් යමක් ශේෂ නොවන බව පසක් කරයි. ජව සම්පන්න තරුණයන්ගේ අකල් මරණයෙන් මතු වේදනාවෙන් මිරිකෙන වැන්දඹුවන්, ඔවුන්ගේ දරුවන්, මහළු මව්වරුන් පමණක් සිටින අප්‍රාණික ජීවයෙන් තොර සමාජයක් පමණක් එමගින් ශේෂ වෙයි.  

niyangala premaya - niyagala premaya
academic players - university of kelaniya
ni

Tuesday, October 14, 2014

කැලණි සරසවි නාට්‍ය උළෙල වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු !!!
දිනයන් සහ වේලාවන් October 30-31 & November 03-04 # 3.30/6.30 P.m 
ස්ථානය - ශ්‍රී ධර්මලෝක ශාලාවේ දී 
Click For More info Drama and Theater Unit - university of kelaniya

Organized by Academic Players- Drama and Theatre Unit
Contacts - Priyankara 0714311312

Tickets at the Gate (Contact for Booking]
Official Youtube - www.youtube.com/user/academiplayers

Academic Players theater festival , kelani sarasavi natya ulela



Monday, September 22, 2014


අද වගේ දවසක ඈන්ටිගනී - Priyankara Rathnayake
ඔක්තෝම්බර් - 28   වේලාව - 3.00/6.00 p.m
ධර්මරාජ විදුහල් පරිස්‍රයේ දී

නොවෑම්බර්  - 04  වේලාව - 4.00/7.00 p.m 
කලණිය සරසවියේ  ධර්මලෝක  ශාලාවේ  දී 
BLOOD WEDDING by Federico García Lorca

* University of Kelaniya - Academic Players Sri lanka Drama



Drama and Thater unit- university of kelaniya - Sri Lanka 

Academic players presents
Drama and theatre unit
university of kelaniy

Script - AGreek palaywright Aristophanes
Name- Lysistrata Play
Transation - Aruna premarathna
Music - Lalendra Gunawardhana



Academic players logo (academic players logo new look)
Kelaniya stage drama logo
Drama and Theater unit logo
Acadamic Players logo

විසේකාරියෝ wisekariyo visekariyo - Lysistrata Drama




Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn