Tuesday, August 15, 2017

ධනේෂ්වර සමාජ ක්‍රමය ග්‍රීක නාට්‍ය ජනතාවගෙන් ඈත් කළා.

ප්‍රියංකර රත්නායක විසින් අධ්‍යක්‍ෂණය කරන ලද කැලණිය විශ්වවිද්‍යාලයීය නාට්‍ය හා රංග කලා විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන 'අද වගේ දවසක ඇන්ටිගනී' සහ 'විසේකාරියෝ' නාට්‍ය ද්වය අද (21 දා) සහ හෙට (22 දා) කොළඹ ලයනල් වෙන්ට්‌ඩ් හිදී වේදිකාගත වේ. මෙම සංවාදය ඒ නිමිත්තෙනි.
ග්‍රීක යුගයේ එළිමහන් වේදිකාවක ළමුන්, ස්‌ත්‍රීන්, වහලුන් හා සාමාන්‍ය පුරවැසියන් ඉදිරියේ රඟදැක්‌වූ ග්‍රීක නාට්‍ය අද විශ්වවිද්‍යාලවලට නිර්දිෂ්ට වූ නාට්‍ය විශේෂයක්‌ බවට ලංකාව තුළ පත්වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට රසවිඳිය නොහැකි නාට්‍ය විශේෂයක්‌ බවට ග්‍රීක නාට්‍ය පවත්වන්නට හේතු සාධක මොනවාද?
Stay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 Blog
Subscribe & Watch More Videos
https://www.youtube.com/user/academiplayers
Facebook | https://www.facebook.com/kelaniyadrama
Instagram | https://instagram.com/kelaniyastagedrama
👇👇වැඩි විස්තර පහලින්👇👇
Blog | http://academicplayers.blogspot.com



ඔබ හරි. ග්‍රීක යුගයේ දී විතරක්‌ නොවෙයි රෝම, මධ්‍යකාලීන, එළිසබතීන යුගයේ පවා නාට්‍ය ඉලක්‌ක කරගත්තේ සාමාන්‍ය ජනයාගේ රස වින්දනය. නාට්‍යයෙන් බලාපොරොත්තු වුණේ වින්දනීය මාර්ගයක්‌ ඔස්‌සේ ජනයා ප්‍රඥා සම්පන්න පිරිසක්‌ බවට පත්කිරීම. ග්‍රීක යුගයේ දී සාමාන්‍ය ජනතාව සිතන්න, විචාරාත්මක වෙන්න පමණක්‌ නොවෙයි, භෞකිත ව හා අධ්‍යාත්මික ව ඥාන ගවේෂණයන් සඳහා යොමු කිරීමයි ශෝකාන්තයෙන් සුඛාන්තයෙන් අරමුණ වුණේ. ඔවුන්ට සමකාලීන ලෝකයේ පවත්නා සමාජ අර්බුද විවාදාත්මක මාතෘකා ලෙස, උදාහරණයක්‌ ලෙස නීතිය, මිනිසාගේ ඉරණම, වගකීම්, ස්‌වභාවධර්මය, බුද්ධිමතාගේ වගකීම ආදී සංවාදාත්මක, විවාදාත්මක මාතෘකා ඔස්‌සේ සාකච්ඡා කිරීමයි නාට්‍යයේ අරමුණ වුණේ.

මේ නාට්‍ය බලන්න ආවා රජවරුන්, කම්කරුවන්, විවිධ වෘත්තිකයින් ආදී සමාජයේ සෑම පන්තියකටම අයත් පිරිසක්‌. ග්‍රීක යුගයේ නාට්‍යයක්‌ බලන්න ප්‍රේක්‍ෂකයින් දහ පහළොස්‌ දහසක්‌ රැස්‌ වූ බව ඒ ග්‍රීක රඟමඬල පිරික්‌සා බලද්දී පෙනෙනවා. මධ්‍යකාලයේ නාට්‍ය රඟදැක්‌වූයේ පල්ලි, කඩවීදි ආදී තැන්වල. එලිසබෙත් නාට්‍ය උපත සිදු වුණේ ම තානායම්පලවල. මේවා සාමාන්‍ය ජනයා ගැවසෙන පොදු ස්‌ථාන. නාට්‍යවල ආදරය, සටන්, ගීත, විහිළු ආදී සාමාන්‍ය රසිකයාට ගෝචර වන විනෝදාත්මක අංග තිබුණා. ඒ වගේම ඒ නාට්‍යවල සම්භාව්‍ය නාට්‍ය සිද්ධාන්ත තිබුණා. නාට්‍යයෙන් බලාපොරොත්තු වුණා භාව විශෝධනය. එය එක්‌තරා ආකාරයක වෛද්‍ය විද්‍යාවේ එන මානසික සුවපත් කිරීමක්‌. නූතන ලෝකයේ මනෝවිද්‍යාත්මක ගවේෂණවලට පවා ගෝචර වන ගැඹුරු සිද්ධාන්ත මේ නාට්‍යවල අන්තර්ගතයි. ඊඩිපස්‌ සංකීර්ණය, ඉලෙක්‌ට්‍රා සංකීර්ණය වගේ සංකල්ප ග්‍රීක නාට්‍ය නිර්මාණවල ගැඹුර මූලාශ්‍ර කොටගෙන බිහි වූ සංකල්ප.

මේ තරම් විනෝදාත්මක, මේ තරම් ගැඹුරු නාට්‍ය නූතන ලෝකයේ දී සාමාන්‍ය ජනතාවගෙන් ඈත්වී, ඔවුන්ට ළං වෙන්න බැරි කලාවක්‌ බවට පත්වුණේ ඇයි? ඒක දේශපාලනිකයි. ධනේෂ්වර සමාජ ක්‍රමය බිහි වූ දා සිට ඒ සමාජවල බුද්ධිමතුන් සවිඥානික ව සහ අවිඥානික ව සිදු කළේ ග්‍රීක, එළිසබෙත් නාට්‍යකරුවන්වත් නොසිතූ අසාමාන්‍ය සම්භාව්‍ය ලේබලයක්‌ මේ කෘතීන්ට අලවා ඒවා ඔවුන්ගෙන් ඈත්කර තැබීමයි. නමුත් සාමාන්‍ය ජනතාවගේ විනෝදයේ, දැනුමේ කේJද්‍රස්‌ථානය වුණේ නාටකයයි.

එය ඔවුන්ගෙන් සඟවා තබන තරමට මේ පීඩාකාරී සමාජ ක්‍රමය පවත්වාගෙන යාම පහසුයි. මේ තත්ත්වය ග්‍රීක එළිසබෙත් ෙ€දාන්ත නාට්‍යකරුවන් සියුම් ලෙස දැන සිටින්න ඇති. ඔවුන් පවා තමන්ට සමකාලීන ලෝකය Rජුවම තම නාට්‍යවලට තේමා කරගත්තේ නැහැ. 'මැක්‌බෙත්', 'හැම්ලට්‌', 'ඊඩිපස්‌', 'ඇන්ටිගනී', 'අගමෙම්නොන්', 'ජූලියස්‌ සීසර්' මේ සියලු නාට්‍ය තමන් ජීවත් වන සමකාලීන ලෝකයේ භයානකකම ගැඹුරු ලෙස විග්‍රහ කෙරෙන නාට්‍ය. ඒ හැම නාට්‍යයක ම තිබෙන්නේ සොෆෝක්‌ලීස්‌, යුරිපිඩීස්‌, සේක්‍ෂ්පියර් වැනි අය ජීවත් වූ සත්‍ය ලෝකය. ඒත් නාට්‍යයේ තිබෙන්නේ ඓතිහාසික ලෝකයක්‌. ඔවුන් උපක්‍රමශීලී ලෙස තමන් ජීවත් වන ලෝකයේ ගරාවැටීම පොදු ප්‍රෙක්‍ෂකාගාරයට ගෙන ගියා. ඔවුන් ඒ නාට්‍යයට සමකාලීන ලෝකය පදනම් කරගත්තා නම් ඔවුන්ට ඔය තරම් නාට්‍ය ලියන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් මරා දමනවා. මේ උපක්‍රමය තමයි සමකාලීන ජීවිතය ඓතිහාසික ලෝකය ඇසුරින් ප්‍රශ්න කිරීම. ඒ වර්තමානය කියන්නේ අතීතය නැවත සිද්ධවීමක්‌ නිසා බ්‍රෙෂ්ට්‌ තම ''දුරස්‌ථකරණ න්‍යාය'' ගොඩනගන්නට පදනම් කර ගත්තේ මේ විධික්‍රමය. ඒකට ඔහු යෙදූ නාමය ඓතිහාසිකරණය.



මේ සම්භාව්‍ය නාට්‍යවල තිබෙන සාමාන්‍ය ජනතාවට අයිති විනෝදය. අපේ රටේත් මේක මෙලෙසින්ම සිදු වුණා. උදාහරණයක්‌ ලෙස සරච්චන්ද්‍ර මහත්තයා පැවසුවා බටහිර ස්‌වභාවික නාට්‍ය කලාවෙන් දේශීය නාට්‍ය සම්ප්‍රදාය පෝෂණය කරන්න බැරි බව. එසේ පවසා බටහිර ස්‌වාභාවික නාට්‍ය කලාවේ එන ''හිනා නාටක'' චෙකොෆ් ගේ, ගොහොල් ගේ, ඔස්‌තාර් වයිල්ඩ් ගේ සරල සිනහ නාටක පරිවර්තනය, අනුවර්තනය කළා. ඔව්, ඒ නාට්‍යවලින් කිසිම රටක නාට්‍ය කලාව වර්ධනය කරන්න බැහැ. නමුත් කොහොමද ඔහුට චෙකොෆ්ගේ 'වළහා', 'පරස්‌තාව' වගේ නාට්‍ය අනුවර්තනය කරද්දී 'මුහුදු ලිහිණියා', 'චෙරි උයන' වගේ උසස්‌ කෘති මගහැරුණේ. 'ඇන්ටිගනී' නාට්‍යයේ හීමොන් සහ ක්‍රොයොන් අතර සංවාදය, සිංහබාහු නාට්‍යයේ සිංහයා සහ සිංහබාහු සංවාදයට සමානයි. ඔහු රසවිඳි ග්‍රීක නාට්‍ය කොහොමද ඔහුට මගහැරුණේ. සරච්චන්ද්‍රට විරුද්ධ වූ අයත් එකඟ වූ අයත් දෙපිරිසම මේ වැරැදි මතවාදයට අහුවුණා. මතක තියාගන්න ඉබ්සන්ගේ Dolls House සිංහල පරිවර්තනය වුණෙත්, මනමේ බිහි වුණෙත් එක ම වර්ෂයේ දී. නමුත් ''චෙරි උයන'' වගේ නාට්‍යයක ආභාෂය අරගෙන මාර්ටින් වික්‍රමසිංහ 'ගම්පෙරළිය' ලිව්වා. සාහිත්‍යය මේ උගුලේ වැටුණේ නැහැ. අපි තාමත් මේ උසස්‌ නාට්‍ය ගැන තිබෙන භීතිකාවේ ඉන්නවා. දැන් අපි කරන්නේ අතීතයට බැරිවූ වගකීමක්‌ ඉටුකරන එක. එනම් සාමාන්‍ය ජනතාවට අයිති දේ ඔවුන්ට දීම.ෙ€දාන්ත නාට්‍ය ආකෘතිමය වශයෙන් පරිපූර්ණත්වයට පත් කළේ ද, සංකීර්ණ ජීවන ගැටලු තේමා කරගත්තේ ද සොෆොක්‌ලීස්‌ බවයි විචාරක අදහසය. මොහුගේ නාට්‍ය භාවිතය සහ 'ඇන්ටිගනී' නාට්‍ය පිළිබඳ කියවීම කෙබඳු ද?හැමෝටම කියවන්න SHARE කරමු.Like ✔️ Share ✔️ Comment Your ideasStay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 BlogSubscribe & Watch More Videos https://www.youtube.com/user/academiplayersFacebook | https://www.facebook.com/kelaniyadramaInstagram | https://instagram.com/kelaniyastagedrama👇👇වැඩි විස්තර පහලින්👇👇Blog | http://academicplayers.blogspot.com
ඔව්... සොෆොක්‌ලීස්‌ තමයි ග්‍රීක නාට්‍ය කලාවේ හැරවුම් ලක්‌ෂය. එතෙක්‌ භූමිකා දෙකකට සීමා වූ ග්‍රීක නාට්‍යයේ තෙවැනි භූමිකාව හඳුන්වා දුන්නේ ඔහු. ඉන් සිදුවුණේ ග්‍රීක නාට්‍යයක වින්දනය හා ගැඹුර ඉහළ තලයකට ගෙනයාම. සංකීර්ණ තේමාවන්වල ඝට්‌ටනය ප්‍රබල වුණේ ඔහුගේ මේ වෙනසත් සමග. ඊස්‌කිලස්‌ තරමක්‌ සම්ප්‍රදායික වෙද්දී, යුරිපිඩිස්‌ විවාදාත්මක රැඩිකල් කමක්‌ විදහා පාද්දී, සොෆොක්‌ලීස්‌ නාට්‍යයේ වින්දනීය ගුණයත්, ගැඹුරත් සමපාත තැනක තබාගනිමින් ග්‍රීක නාට්‍ය විප්ලවීය වෙනසකට ලක්‌කළා.
කාව්‍ය ශාස්‌ත්‍රයේ එන ෙ€දාන්තවල සිද්ධාන්ත විග්‍රහ කරද්දී ඊට නිදසුන් ලෙස ගත්තේ 'ඊඩිපස්‌' නාට්‍යය. ඊඩිපස්‌ තමයි බටහිර නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨත ම නාට්‍යය. ඒ නාට්‍යයේ ආනුභාවයෙන් ගැලවෙන්න සේක්‍ෂ්පියර්, ක්‍රිස්‌ටෝපර් මාලෝ, හෙන්රික්‌ ඉබ්සන්, ඇන්ටන් චෙකොෆ්, ආතර් මිලර් වැන්නන්ටත් බැරි වෙනවා. ඔහුගේ 'ඇන්ටිගනී' නාට්‍යය සර්වකාලීන දේශපාලනික ගැඹුරු නාට්‍ය කලාවක ඉහළ ම නාට්‍යය. ඒ නාට්‍යයේ ඔහු දේව නීතියයි, මිනිසාගේ නීතියයි (ස්‌වභාවධර්මයාගේ නීතිය හා රාජ්‍ය නීතිය) ගැඹුරු ප්‍රශ්න කිරීමකට ලක්‌කරනවා. ඒක කරන්නේ රාජ්‍යයක කුඩාම ඒකකය වන රජ පවුලක ෙ€දවාචකයක්‌ කේJද්‍ර කරගෙන. ෙ€දාන්ත නායකයා පිළිබඳ හොඳ ම නිදර්ශනය ඊඩිපස්‌ නම් ෙ€දාන්ත නායකයා කවුද කියන ගැඹුරු සංවාදය ඇති කරන නාට්‍ය 'ඇන්ටිගනී'. ඇරිස්‌ටෝටල්ගේ සිද්ධාන්තවලට හොඳ ම පරමාදර්ශය ඊඩිපස්‌ නම් ඒ සිද්ධාන්ත ගැඹුරු ලෙසට අභියෝගයට ලක්‌කරන නාට්‍ය වන 'ඇන්ටිගනී' සහ 'ඊඩිපස්‌ ඇට්‌ කොලෝනස්‌ ඇන්ටිගනී' නාට්‍යයේ ෙ€දාන්ත විරයා ක්‍රෙයොන් ද? ඇන්ටිගනී ද? යන ප්‍රශ්නයට අදටත් ස්‌ථිර පිළිතුරක්‌ නැහැ. කොලොනස්‌ ඊඩිසපස්‌ නාට්‍යයේ කතා නායකයාගේ මරණය දැන්වූ ආකාරය, ෙ€දාන්ත වීරයාගේ මරණය පෙන්වන ආකාරයට පූර්ණ වශයෙන් ම වෙනස්‌. සොෆොක්‌ලීස්‌ තමා ග්‍රීක නාට්‍යකරුවන් අතරින් නූතන ලෝකයට වැඩිම බලපෑමක්‌ කළ නාට්‍යකරුවා. ඔහු කාලය ඉක්‌මවා සිටින නාට්‍යකරුවෙක්‌. මට හිතෙන්නේ සරච්චන්ද්‍රගේ නාට්‍ය භාවිතයටත් 'ඊඩිපස්‌', 'ඇන්ටිගනී' ආදී නාට්‍යවල ආලෝකය තිබෙනවා. ඔහු නාට්‍ය කලාවේ සිද්ධාන්ත අනුව ගියා වගේම ඒවා නාට්‍යයෙන් නාට්‍යයට වෙනස්‌ කළා. ඔහු සිද්ධාන්ත අතර හිර වූවෙක්‌ නොවෙයි. 'ඊඩිපස්‌' නාට්‍ය පුද්ගල ෙ€දවාචකය පිළිබඳ ඔහුගේ ශ්‍රේෂ්ඨ නාට්‍ය තමයි. ඊඩිපස්‌ ඇට්‌ කොලෝනයේ පුද්ගල විමුක්‌තිය පිළිබඳ ගැඹුරුම නාට්‍ය තමයි. ඒත් පුද්ගලයා හා සමාජය, නායකයා හා රට, පවුල හා රාජ්‍ය, ස්‌වභාවධර්මය හා මිනිස්‌ රාජ්‍ය මේ ආදී ගැඹුරු පරිශ්‍ර ගණනාවක්‌ ආමන්ත්‍රණය කරන, ඒ වගේ ම වින්දනීය නාට්‍ය ගුණයෙන් බහුල ම නාට්‍ය 'ඇන්ටිගනී' නාට්‍යයයි.
අනෙක 'ඇන්ටිගනී' තමයි අනෙකා වෙනුවෙන් කරන අරගලයට තමන්ගේ ජීවිතය කැප කරන පළමු වීර චරිතය. ආරියවංශ රණවීරයන් ඇයව හඳුන්වන්නේ බටහිර සාහිත්‍යයේ පළමු අරාජිකවාදියා ලෙස. පවතින සමාජ ෙ€දවාචකයේ ගොදුරු ලෙස තමයි ඔහු ඇන්ටිගනී වගේ ම ක්‍රෙයොන්වත් විග්‍රහ කරන්නේ. ක්‍රෙයොන්ගේ චරිතය ඕනෑම රටක නායකයෙක්‌ගේ ෙ€දවාචකයේ සංකේතයක්‌. අනෙක පශ්චාත් යුධ සමය ගැන ලියෑවුණු ගැඹුරුම නාට්‍ය 'ඇන්ටිගනී' නාට්‍යයි. මම වුනත් ඊට ''අද වගේ දවසක'' කියන විශේෂ අර්ථකථනය ගෙනාවේ එහි ඊයේට, අදට සහ හෙටට කියන අදාළත්වය ගැන කල්පනා කරලයි. ඡේසුස්‌වහන්සේ ගේ සිට ෙච්ගුවේරා දක්‌වා පොදු ජනයා වෙනුවෙන් කැපවුන වීරයාගේ ශේ්‍රෂ්ඨත්වයත් ආත්මීය ෙ€දවාචකයත් 'ඇන්ටිගනී' තුළින් පිළිබිඹු වෙනවා.
අපි මේ මොහොතේ ගත කරන ජීවිතයේ පශ්චාත් යුධ සමයක තනි පුද්ගලයෙක්‌ වටා බලය සංකේන්ද්‍රනය කරන (78 ව්‍යවස්‌ථාවෙන්) ෙ€දවාචකය වගේම නීතිය, බලය, වීරත්වය, දේශප්‍රේමීත්වය, දේශෙද්‍රdaහියා, රාජ්‍ය හා ආණ්‌ඩුව මේ ආදී අප අවට සැරිසරන සමූහයක්‌ අර්බුද 'ඇන්ටිගනී' නාට්‍යයේ දී අපට සිහිපත් කරනවා. ඒ වගේම එය නාට්‍ය වියමනක්‌ ලෙස විශිෂ්ටයි, වින්දනීය යි. ඒකයි මා 'ඇන්ටිගනී' තෝරගන්නත් හේතුව.
ඇරිස්‌ටොෆනිස්‌ගේ නාට්‍ය අතරින් ඉතාමත් හාස්‍යයෑයි කිව හැකි නාට්‍ය Lisistrata බවයි විචාරක අදහස. ඔබ ''විසේකාරියෝ'' ලෙස ලාංකික වේදිකාවට ගෙන එන Lisistrata නාට්‍යයේ තේමාත්මක ගැඹුර පැහැදිලි කළොත්...
ඇරිස්‌ටොෆනිස්‌ තමයි නාට්‍ය කලාවේ පළමු රැඩිකල්ම විචාරකයා. ග්‍රීක යුගයේ නිර්භීතම නාට්‍යකරුවා. ඔහු තෝර ගත්තේ හාස්‍යය. හාස්‍ය යනු සිනහව නොවෙයි. සිනහ වෙන දේ ගැඹුරකින් කියෑවීමයි. අවාසනාවකට ඇරිස්‌ටෝටල් වගේ සෛද්ධාන්තිකයෝ හාස්‍යෝත්පාදනයට නිසි ගෞරවය ලබා දුන්නේ නැහැ. ඒකට එක හේතුවක්‌ වෙන්න ඇති හාස්‍ය රසයට මුල්තැන දීම හා ෙ€දාන්ත නාට්‍යකරුවන් වගේ අතීතයෙන් කතා උපුටා නොගෙන සමකාලීන ලෝක නාට්‍යයට පාදක කර ගැනීම. ඇත්ත අපි ඉන්න මේ මොහොත පිළිබඳ අපිට තිබෙන්නේ ඒක පාර්ශ්වීය මතයක්‌. ඒ ඒක පාර්ශ්වීය බව නිසා වෙන්න ඇති හාස්‍යෝත්පාදකය නොගැඹුරු නාට්‍ය විශේෂයක්‌ ලෙස සලකන්න ඇත්තේ.
ඒත් ඒ සමකාලීන මොහොත ඉහළම නාටකීය බවකින් හා විවේචනාත්මක බවකින් විග්‍රහ කරන්නටත්, සමකාලීනව පවතින අර්බුද පිළිබඳ දැඩි ඉදිරිගාමී මතයකින් ඒවා විග්‍රහ කිරීමටත් හාස්‍යෝත්පාදකය උත්සාහ ගත්තා. ඇරිස්‌ටොෆනිස්‌ තමයි ඒ විචාරක සම්ප්‍රදායේ නියමුවා. ඔහුගේ බොහෝ නාට්‍ය තම මතවාදයට එකඟ වූවන් අගය කිරීමවත් විරුද්ධ වූවන්ට පහර ගැසීමටත් යොමු වෙනවා. සොක්‍රටීස්‌, යුරිපිඩීස්‌ ඔහුගේ මේ දැඩි විවේචනයට ගොදුරු වුණා. යුද්ධය, ස්‌ත්‍රිය, කලාව, බුද්ධිමතා, ඉරණම, රාජ්‍ය බලය, නීතිය මේ ආදිය ගැන ඔහුට විවේචනයක්‌ තිබුණා. නමුත් ඔහු එතැනදී තම මතය අගය කරන උන් අගය කළා. විරුද්ධ අයට පහර එල්ල කළා. ඒ නිසා සමහරු ඔහුට කැමතියි. සමහරු ඔහුට අකැමතියි. නමුත් අපි වර්තමානයේ දී ඔහුව අර්ථ ගන්වා ගන්නේ අපි අවට තිබෙන සමාජයේ අර්බුදය ඉතාමත් ගැඹුරු විනිවිද යන හාස්‍යයකින්. නිර්මිත භාවිතයකින් ප්‍රකාශ කළ නිර්මාණකරුවෙක්‌ ලෙසයි. ඔහුගේ විධි ක්‍රමය නූතනවාදියි. ෆeන්ටසිමය භාවිතාවක්‌. 'ලයිසිස්‌ට්‍රාටා' නාට්‍යයේ මුඛ්‍ය තේමාව ස්‌ත්‍රීන් විසින් අරගලයක ජයග්‍රහණයක්‌ සඳහා කරන ලිංගික වර්ජනයක්‌. ඉන් ආමන්ත්‍රණය කරන්නේ තීරණාත්මක සමාජ අරගලයක දී එම අරගලයේ වැඩිම පීඩාව ලබන්නාගේ වගකීම පිළිබඳවයි. නූතන ලෝකයේ පවා ගැහැණු මේ ''ලිංගික වර්ජනය'' සටන් අවියක්‌ ලෙස භාවිත කළ බවට සාධක තිබෙනවා. නමුත් ඔහු මේ සරල න්‍යාය මත ම රැඳී ඉන්නේ නැහැ. ඒ ඔස්‌සේ රටක නීතිය, බලය, මුදල්, යුද්ධය, දේශප්‍රේමීත්වය බරපතල ලෙස ප්‍රේක්‍ෂක විචාරක්‍ෂිය ට යොමු කරනවා.සහිත්‍ය කෘතියක්‌ පරිවර්තනය කිරීමේ දී මුල් කෘතියට හැකිතාක්‌ සමීප ව කළ යුතු බවයි පොදු පිළිගැනීම. පරිවර්තන නාට්‍යයක්‌ නිෂ්පාදනයේ දී එම නියමය අදාළ වන්නේ කෙසේ ද? හැමෝටම කියවන්න SHARE කරමු.Like ✔️ Share ✔️ Comment Your ideasStay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 BlogSubscribe & Watch More Videos https://www.youtube.com/user/academiplayersFacebook | https://www.facebook.com/kelaniyadramaInstagram | https://instagram.com/kelaniyastagedrama👇👇වැඩි විස්තර පහලින්👇👇Blog | http://academicplayers.blogspot.com
පරිවර්තන කාර්යයේ දී නවකතාවක්‌, කෙටි කතාවක්‌ සඳහා ඔය අදහස නිවැරදියි. එහෙත් නාට්‍ය සඳහා ඒ අදහස අදාළ නැහැ. ලංකාවේ හුඟක්‌ සාහිත්‍යකරණයේ යෙදෙන අය ළඟ තිබෙන මුලාවක්‌ තමයි නාට්‍යයක පරිවර්තනය හා නිෂ්පාදනය අතර වෙනස තේරුම් නොගැනීම. නාට්‍ය සාහිත්‍යයක්‌ පරිවර්තනය කරන්න පුළුවන්, මේ සාහිත්‍ය පරිවර්තන වාචිකාභිනයට පමණයි. යටත් නාට්‍ය පෙළක වාචිකාභිනය හැර සාත්වික, ආංගික, අහාර්ය අභිනය නැහැ. එය නිෂ්පාදනයේ දී එකතු වන්නක්‌. පරිවර්තනය තනි පුද්ගලයෙකුගේ කාර්යයක්‌. නාට්‍ය නිෂ්පාදනයේ දී ඒක සාමූහික කාර්යයක්‌. ග්‍රීක නාට්‍යයක්‌ පරිවර්තනය කරද්දී සාහිත්‍යමය පරිවර්තකයා ග්‍රීක සාහිත්‍ය ගැන හිතනවා කියමු. ඒත් නළු නිළියන් ග්‍රීක නාට්‍යයක රඟපෑම හදාරන්නේ නැහැ. ආලෝක ශිල්පියා එදා නාට්‍යයේ ආලෝකය ගැන හිතන්නේ නැහැ. ඇතැම් විට පසුතල, අංග රචනයත් එහෙමයි. එදා ලොකු කටවල් තිබෙන වෙස්‌ මුහුණු දැම්මා. අදත් එහෙම කරනව ද? නැහැ. මේ සියල්ල අවසන් වෙද්දී වාචිකාභිනයත් වෙනස්‌ වෙනවා. එවිට රංගය කියන්නේ ස්‌වතන්ත්‍රයක්‌. පරිවර්තිත පෙළ එවිට වෙනස්‌ වෙනවා. ග්‍රීක, රෝම, එළිසබත්, අපේ ගැමි නාට්‍ය යුගවල නාට්‍යයක කාලය පැය තුනක්‌, හතරක්‌ හෝ පහක්‌. ඇතැම් විට ඊටත් වඩා වැඩියි. ඒත් අද නාට්‍යයක උපරිම කාලය පැය දෙකක්‌. එවිට පෙළ, එහි ගීත, සංවාද සංක්‍ෂිප්ත වීම, සංස්‌කරණය වීම සිදුවෙනවා. එතැනදී රංගය පරිවර්තනයක්‌ වෙන්නේ නැහැ.
අනෙක්‌ වැදගත්ම කාරණය සාහිත්‍යකරුවා වගකියන්නේ මුල් කෘතියේ හිමිකරුවාට. ඒත් රංගය වගකියන්නේ ප්‍රේක්‍ෂකාගාරයට. ඒවාගේම තමන් ජීවත් වන සමකාලීන මනුෂ්‍ය ජීවිතයට. සාහිත්‍යමය මුල් කෘතිය අපි ගන්නේ මේ සංවාදය හඳුනා ගන්න. එවිට අපි වගකියන්නේ රංගයට. ඒ, පෙළ කියන්නේ රංගයෙන් ඉතා සුළු කොටසක්‌ පමණයි. රංගය කියන්නේ නළු නිළි ආනුෂංගික ආදීන්ගේ චින්තනයන් ගැටෙන තැන. නළුවා රංගයක දී තමන්ගේ ජීවන දෘෂ්ටිය චරිතයට එකතු කරනවා. නවකතාව, කෙටි කතාව පරිවර්තනය කරන කෙනා ගැටෙන්නේ එහි නිර්මාණාත්මක චින්තනය සමග. නමුත් රංගය නිර්මාණාත්මක චින්තනයක්‌a. ජීවන දෘෂ්ටින්, සමූහයකගේ ඝට්‌ටනයන් උත්පාදනය වන්නක්‌. සාහිත්‍යමය පරිවර්තනයක්‌ වෙනස්‌ වන්නේ නැහැ. රංගයක්‌ එහෙම නොවෙයි. රංගයක්‌ මොහොතින් මොහොත, දර්ශනයෙන් දර්ශනයට වෙනස්‌ වෙනවා. එහෙම වෙනස්‌ වෙන කලාවක්‌ එහි මුල් අවස්‌ථාව (පරිවර්තනයට) සමග බැඳී ඉන්නේ නැහැ. වෙනස්‌ වෙන කලා භාවිතයක්‌ පරිවර්තනය කරන්න බැහැ. ඒක අලුතින් නැවත නැවත උපදින දෙයක්‌.
ලාංකික වේදිකා නාට්‍ය කලාවේ නූතන යුගය ආරම්භ වන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ව. නමුත් අද නාට්‍ය සංස්‌කෘතිය විශ්වවිද්‍යාලයෙන් ගිලිහිලා. එම තත්ත්වය ඇති වීමට බලපෑ සාධක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්‌ ලෙස ඔබ දකින්නේ කෙසේ ද?
විශ්වවිද්‍යාලය කියන්නේ මහා රාජ්‍යයේ නීතියට, බලයට, ආධිපත්‍යයට යටත් පුංචි අවකාශයක්‌. මහා රාජ්‍ය අත්පත් කරගන්නා සාධනීය, නිශේධනීය දේවල ප්‍රතිඵලම තමයි ඔවුන් භුක්‌ති විඳින්නේ. ශිෂ්‍යයින්ට මහපොළ වැඩිකර ගන්න විශ්වවිද්‍යාලයක පරිපාලනයට කතා කර වැඩක්‌ නැහැ. රජය සමගයි කතා කළ යුත්තේ. ශිෂ්‍යයොත් ඇඳුම් පැළඳුම් ගන්නේ සාමාන්‍ය මිනිස්‌සු ඇඳුම් ගන්න කඩවලින්. සාමාන්‍ය මිනිස්‌සු බලන පත්තර ටී.වී. තමයි ඔවුනුත් බලන්නේ. මුළු රටේම සාහිත්‍ය, කලාව බිඳවැටිලා නම්, සංස්‌කෘතිය අර්බුදයට ගිහින් නම් විශ්වවිද්‍යාලය තුළත් එයමයි වෙන්නේ.
අද විශ්වවිද්‍යාලයට එන්නේ බුද්ධිමතුන් වෙන්න නොවෙයි, උගත්තු වෙන්න. අපි නාට්‍ය කරන එක රටට අදාළ, වැදගත් කාරණයක්‌ නොවෙයි. නාට්‍යකරුවෝ නාට්‍ය කරන එක නැවැත්වුවොත් රජය කියන්නේ නැහැ අනේ අපරාදයක්‌, ඒක කරන්න එපා කියල. විශ්වවිද්‍යාලයේ අපි නාට්‍ය කරන එක නැවැත්වුවොත් පරිපාලනය අපිට වඳින්නේ නැහැ නාට්‍ය කරන්න කියල. රටෙත් නාට්‍යයක්‌ පෙන්වන්න හොඳ රංග ශාලා නැහැ. පුහුණුවීම් කරන්න තැන් නැහැ. හොඳ නාට්‍ය කරන්න මුදල් දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයෙත් එලෙසමයි අපිට නාට්‍ය නිෂ්පාදනය කරන්න විශ්වවිද්‍යාලෙන් සත පහක්‌වත් දීලා නැහැ. ''අද වගේ දවසක ඇන්ටිගනී'' නාට්‍යයට බරපැන හොයාගත්තේ මමයි. ''විසේකාරියෝ'' නාට්‍යයට විද්‍යාර්ථීන්, අපි පුහුණු වෙන්නේ පුංචි වළක. නමුත් අපේ නාට්‍ය ගැන රටේ මිනිස්‌සු කතා කරනවා. විශ්වවිද්‍යාලයේ වාමවාදීව, පරිපාලනයට විරුද්ධව ඉන්නේ ශිෂ්‍ය සංගමය. ඔවුන් අපි නාට්‍ය උළෙල පවත්වන දිනවලට සුහද හමු, බකට්‌ වගේ දේවල් යොදා ගන්නවා. ඒ කියන්නේ පරිපාලනයටවත්, පරිපාලනය විවේචනය කරන ශිෂ්‍ය සංගමයටවත් නාට්‍ය උළෙල අදාළ නැහැ. දොගොල්ලන්ටම රසවින්දනය දැනී නැහැ. හරි නම් අවම වශයෙන් ශිෂ්‍ය සංගමය සියලුම ළමයින්ව තල්ලු කළ යුතුයි නාට්‍ය බලපල්ලා කියල. ඒ, නාට්‍ය ඇතුළෙ තමයි ප්‍රඥාව, චින්තනය, බුද්ධිය, ගැඹුරු දේශපාලන කාරණා පිළිබඳ දැනුවත්වීම තිබෙන්නේ. මම කියන්නේ රටෙත් නාට්‍ය කලාව අද ඉතිරිවෙලා තිබෙන්නේ ඊට ආදරය කරන සුළු මිනිසුන් පිරිසකගේ කැපවීම, ධෛර්ය මත බවයි.
හැමෝටම කියවන්න SHARE කරමු.Like ✔️ Share ✔️ Comment Your ideasStay with FB 🌐 Youtube 🌐 Instagram 🌐 BlogSubscribe & Watch More Videos https://www.youtube.com/user/academiplayersFacebook | https://www.facebook.com/kelaniyadramaInstagram | https://instagram.com/kelaniyastagedrama👇👇වැඩි විස්තර පහලින්👇👇Blog | http://academicplayers.blogspot.com

No comments:

Post a Comment

Youtube

Kolam Drama

තවත් ඉතා වැදගත් වීඩියෝ නැරබීමට අප චැනලය Subscribe කරන්න. Click here - https://goo.gl/MmJEXn